05 May, 2017

වර්ජනය කරන දොස්තරලාට තෙල් නොදෙන පිරවුම්හලක් (Video)

doctors strike not filling

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් වෛද්‍යවරු ඇතුළු පිරිසක් මේ වනවිට වැඩ වර්ජනයක නිරත වනවා.

මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළා.

දීපව්‍යාප්තව පවත්වන මෙම එක්‌දින වර්ජනයට පසුවද තම ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සඳහා ලබන අඟහරුවාදා (09දා) දින නියම කරන බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

මේ අතර එම වැඩවර්ජනයත් සමග සමාජ ජාලවල සැරිසරන වීඩියෝවක දැක්වෙන්නේ වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් නොකරන බවට ඉන්ධන පිරවුම්හලක දැන්වීමක් එල්ලා ඇති බවයි.

එය පහතින් දැක්වෙනවා.



(nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වර්ජනය කරන දොස්තරලාට තෙල් නොදෙන පිරවුම්හලක් (Video)"

    Post a Comment