16 June, 2017

හමුදාව සැමරූ සාම්ප්‍රදායික ඉෆ්තාර් උත්සවය ගැන ෆේස්බුක් ගිනිගනී! – ඇත්ත කතාව මෙන්න (Exclusive)

Muslims Association of the Army - Ifthar - 2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුස්ලිම් සෙබලුන්ගේ එකතුවෙන් පිහිටුවා ඇති මුස්ලිම් සංසදය විසින් සංවිධානය කරන රාමසාන් උපවාස අතහැරීමේ උත්සවය හෙවත් ඉෆ්තාර් උත්සවය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දූව නිවාඩු නිකේතනයේදී පසුගිය 13 වනදා පැවැත් වු අතර බ්‍රිගේඩියර් එම්.එච්.එෆ් යූසුෆ් මහතා ඇතුලු යුධහමුදාවේ මුස්ලිම් නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී විය.

මෙම උත්සවය දීර්ඝ කාලයක පටන් සිදුකරන සාම්ප්‍රදායික උත්සවයක් වන අතර පත්වන රජය කුමක් වුවද හමුදාව විසින් බාධාවකින් තොරව එය සිදුකරනු ලබයි.

මෙම උත්සවයට අදාළ ජායාරූප යුධ හමුදාව විසින් සිය වෙබ් අඩෙවිය හරහා ප්‍රසිද්ධ කල වහාම නූගත්, ජාතිවාදී ෆේස්බුක් පිස්සු බල්ලන් විසින් එය හමුදාව අතර අසමගිය වර්ධනය කරන්නක් බවට අදහස් දක්වමින් විවිධ දෑ පල කරමින් තිබේ.

ifthar - fake post - induwa

(ඉදුවාගේ අඩවිය නම් ෆේස්බුක් පිටුව විසින් පළ කරන ලද මෙම සටහන නිසා ජනතාව අතර වැරදි මතයක් ගොඩනැගී තිබෙන අතර මෙම සටහනට අනුරූපීව බොහෝ පිරිසක් අදහස් පළකර තිබේ. සාමාන්‍යයක් ලෙස එලෙස ජාතිවාදී අදහස් පළකල අය අතුරින් බහුතරය පාසල් සිසුන් වේ.)

බොහෝ පිරිසක් මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුවටද චෝදනා කර ඇති අතර ජනාධිපතිවරයාගේ සංහිඳියා රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් ලෙස මෙවන් දෑ සිදුවන බව සමාජගත කිරීමට විශාල මෙහෙයුමක් දියත්වී තිබේ.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙසත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙසත් සිටි සමයේ එවකට යුධ හමුදාපතිවරයාගේ සහභාගීත්වයෙන් ඉෆ්තාර් උත්සවය සැමරූ අයුරු පහතින් දැක්වෙන ජායාරූප යුධ හමුදාව විසින් මින් පෙර නිකුත්කර තිබේ.

ifthar - 2011

තවත් පිරිසකගේ මතය වී ඇත්තේ හමුදා නිල ඇදුමෙන් සැරසී මුස්ලිම් හිස් පළදනාව සහිතව සිටීම නිල ඇදුමට කරනු ලබන අගෞරවයක් යන්නයි. නමුත් ලෝකය පුරා බොහෝ රටවල ඒ ඒ රටවල විවිධ ජනකොටස් වල අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි නිල ඇදුමේ වෙනස්කම් සිදුකර තිබේ. නමුත් මෙහිදී යුධහමුදා මුස්ලිම් සාමාජිකයින් එම ආගමික උත්සවයේදී පමනක් හිස් පැළදුම භාවිතා කරන අතර සාමාන්‍ය රාජකාරි වලදී යුධ හමුදා හිස් පළදනාව සහිතව කටයුතු කරනු ලබයි.

මේ පිළිබදව යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකු සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.



පසු සටහන – ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසය තුල මුස්ලිම් ජාතික හමුදා නිලධාරීන් විසින් අතකර දුන් ජයග්‍රහන ඉතා විශාලය. ත්‍රස්තවාදීන් පරාජය කිරීමේදී සිදුකල බුද්ධි මෙහෙයුම් ඇතුලු සියලු මෙහෙයුම් සඳහා මුස්ලිම් නිලධාරීන් ලබාදුන් දායකත්වය මිල කල නොහැක. කර්නල් තුවාන් නිෂම් මුතාලිෆ් ඒ අතරින් සදා අනුස්මරණීය බුද්ධි නිලධාරියෙකි.

අද මේ මොහොතේත් ඔවුන් අපේ රටේ ආරක්ෂාව සහ භෞමික අඛන්ඩතාවය සුරැකීම සඳහා සිය වෘත්තීය සීමාවෙන් එහාට ගොස් අවශ්‍ය කටයුතු සිදුකරනු ලබයි.

එවන් කැපකිරීම් සිදුකරන නිලධාරීන්ගේ සිත් තුල අනවශ්‍ය කිලිටක් සහ තමන් දෙවන පෙල පුරවැසියන්ය යන හැගීම ඇති කරන ආකාරයේ පල කිරීම් සිදුකිරීම ඉතා අයහපත් සහ අශීලාචාර ක්‍රියාවකි.

ජාතිවාදී පදනමක සිට මෙවැනි සාමකාමී ආගමික වැඩසටහන් විවේචනය කරන නූගත් මෝඩයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හමුදාව සැමරූ සාම්ප්‍රදායික ඉෆ්තාර් උත්සවය ගැන ෆේස්බුක් ගිනිගනී! – ඇත්ත කතාව මෙන්න (Exclusive)"

    Post a Comment