16 June, 2017

පබසරාගේ මරණය අභිරහසක් - සිහි නැති කර හෝ වංචාවෙන් රැගෙනවිත් දුම්රිය පීලි උඩ හිස තැබූ බවට සැක කරනවා

Pabasara death train rails

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ඉකුත් 14දා රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ කැලණිවැලි දුම්රියට හසුවී කොට්ටාව, මාකුඹුර කුලතුංග මාවතේ පදිංචි 18 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි කොට්ටාව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ කොටපිට ආරච්චිලාගේ රවීන්ද්‍ර පබසරා (18) නමැති තරුණියකි. පෙරේදා (14දා) රාත්‍රි 8.00ට පමණ කොට්ටාව දුම්රියපොළ ඛෙත්තාරාම මාවත අසලදී ඇය දුම්රියට පැන සියදවි නසාගෙන තිබිණි.

මියගිය ශිෂ්‍යාව කොළඹ දේවි බාලිකාවේ 12 වැනි ශ්‍රේණියේ ජීව විද්‍යා අංශයේ සිසුවියකි. පවුලේ වැඩිමහල් දියණිය වන ඇයට බාල සහෝදරයෙක් සිටි අතර, ඇය පසුගිය වර්ෂයේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ සාමාර්ථ නවයක් ලබා තිබේ.

ඇය දුම්රිය පීල්ලට ගෙල තබා ගෙන සිටිනු තමන් දුටු බව අනතුර සිදුවූ දුම්රියේ රියැදුරා කළ ප්‍රකාශයේ සදහන් වන්නේ යැයි, කොට්ටාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා පැවැසීය.

අනතුරින් ඇගේ ගෙල දුම්රියේ රෝදයට හසුව හිස කදින් වෙන් වී තිබිණි. මියයන විට ඇයගේ එක් උරයක පාසල් පොත් මල්ලක්ද, ස්කිනියේ සාක්කුවක සෙලියුලර් ෆෝන් එකක්ද තිබී ඇත. රේල් පීල්ලට ඇගේ ගෙල හසු වූ ස්ථානයේ සිල්පර කොටය මත රුධිර පැල්ලමක්ද තිබිණි. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු කොට්ටාව පොලීසියේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

ව්‍යාපාරිකයෙකු වන මියගිය අයගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

“මියගොස් සිටින්නේ මගේ වැඩිමල් දියණියයි. මගේ දුව මියගියේ දුම්රියට පැනල නොවේ. මේක කවුරු හරි හිතාමතා සිදුකළ අපරාධයක්. දුව සිහි නැති කරලා හෝ වංචාවෙන් මෙතැනට රැගෙන ඇවිත් දුම්රිය පීලි උඩ ඇගේ හිස තබා, දුම්රියට පැනීමෙන් සිදු වූ මරණයක් බවට පත්කිරීමට ගත් උත්සාහයක් බවට මම සැක කරනවා. මියගිව ඇගේ උරයේ පොත් බෑගය සහ සාක්කුවේ සෙල්ෆෝනය තිබුණා. දුම්රියට පනින අයෙක් බෑග්මලු එල්ලගෙන පනින්නේ නැහැ. ඇය කවදාකවත් සෙල්ෆෝනය බෑග් එකේ මිස සාක්කුවේ දවා ගන්නේ නැහැ. තව කාරණාවක් දුව පැලද සිටි සපත්තු දෙකේ මඩ කිසිවක් තිබී නැැහ. ඒකෙන් පැහැදිලිය කවුරුහරි දුව උස්සාගෙන දුම්රිය පීල්ල මත ගෙල තබා මෙම අපරාධය සිදු කළ බව.

මියගිය දින සවස 7ත් 7.30ත් අතර අම්මා සහ මල්ලී සමග අවස්ථා දෙකකදී දිවු කතා කර තිබෙනවා. මම මග ඉන්නේ, මේ දැන් එනවා කියලා තියෙනවා. සවස 7.30න් පසුව මම කතා කළාම ෆෝන් එක නිහඩව තිබුණා. ඒ වගේම එම වේලාව ඇතුළතදී මිතුරියක් අතරේ SMS පණිවුඩ හුවමාරු කරගෙන තියෙනවා.” දුම්රිය පීල්ලට මැය ගෙල තබා සිටිනු තමන් දුටු බව දුම්රියේ රියදුරා කළ ප්‍රකාශය සහ මරණය සැක සහිත මරණයක් බවට පියා කරන ප්‍රකාශය අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව තීරණයක් ගැනීම සදහා ඊයේ හෝමාගම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Pabasara death train rails - 2017-06-16-12-27-37

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පබසරාගේ මරණය අභිරහසක් - සිහි නැති කර හෝ වංචාවෙන් රැගෙනවිත් දුම්රිය පීලි උඩ හිස තැබූ බවට සැක කරනවා"

    Post a Comment