30 May, 2017

බ්‍රිතාන්‍යයේ - ගුවන් ගමන්වලට තවදුරටත් බාධා

heathrow airport

බ්‍රිතාන්‍යයේ හීතෘෘ ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් ඊට හේතුවයි. බ්‍රිටීස් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රැසක් ඊයේ දෙවැනි දිනයටත් අවලංගු කෙරුණා. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත්වුණා.

ගුවන් තොටුපොළට පැමිණීමට පෙර ගුවන් ගමන්වල තත්වය පරීක්ෂා කරන ලෙසයි මගීන්ට ගුවන් ගමන් බලධාරීන් දැනුම්දී ඇත්තේ. පරිගණක පද්ධතියේ සිදුවූ දෝෂය පිළිබඳව ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

ගුවන් ගමන් අවලංගු කිරීම හා ප්‍රමාද කිරීම හේතුවෙන් අපහසුතාවට පත්වන මගීන්ට පවුම් 200ක් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා. ඊට අමතරව පවුම් 50ක ප්‍රවාහන දීමනාවක් හා පවුල් 25ක ආහාර දීමනාවක් ද ලබාදීමට බලධාරීන් කටයුතු කළා. (rupavahininews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බ්‍රිතාන්‍යයේ - ගුවන් ගමන්වලට තවදුරටත් බාධා"

    Post a Comment