30 May, 2017

“ගතින් නැතත් සිතින් අප ඔබ සමඟයි….” - ඇන්ජලෝ මැතිව්ස්

Angelo Mathews

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමේ අරමුණින් එංගලන්තයට පිටව ගොස් දැන් සතියක පමණ කාලයක් ගතවී තිබේ.ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමේ අරමුණින් මව්බිමෙන් ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ද මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ මුහුණ දෙන ගංවතුර උවදුර පිලිබදව තම කණගාටුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තම මව් බිමට සිදුවූ විපත පිළිබඳව ප්‍රකාශ කර තිබුණි.

“මව් බිමට පැමිණි උවදුර ගැන අපේ බලවත් කණගාටුව වගේම දුක විපතට පත් අපේ සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න ලංකාවේ අපිට ඉන්න බැරි වුන එක ගැන දුකයි.අපේ හැම ක්‍රීඩකම ගොඩක් කම්පනයකින් ඉන්නේ මේ සිදුවීම ගැන.අපිට ඔයාලගේ ලග ඉන්න බැරි උනත් අපේ හදවත් හැමදාම ඔබ සමඟයි.” (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“ගතින් නැතත් සිතින් අප ඔබ සමඟයි….” - ඇන්ජලෝ මැතිව්ස්"

    Post a Comment