10 May, 2017

අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය (VIDEO)

Amaradewa sang a duet last

සංගීත සප්ත ස්වරයෙන් ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

“සප්ත ශ්වරයේ රජතුමානෙනි” යන එම ගීතය අමරදේව ශූරීන් සමග ගායනා කරන්නේ දුල්ෂාරා දසන්ති නම් යෞවණියයි. දුල්ෂාරා, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ මිණිබිරියයි.

මෙම ගීතයේ පද , සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින්ද , තනුව හා සංගීතය චන්ද්‍රිකා සිරිවර්ධන විසින්ද නිර්මාණය කර තිබෙනවා. මෙහි රූප රචනය සහ අධ්‍යක්ෂණය ජගත් කරුණාජීව විසින් නිර්මාණය වුණා. මෙම ගීතය හිරු ටී.වී උත්තරීතර වැඩසටහනේද විකාශය කෙරුණා.



(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය (VIDEO)"

    Post a Comment