26 June, 2017

යුධ හමුදාපති CDS තනතුරට : නව හමුදාපති මහේෂ් ද? බොනිෆස් ද ?

Boniface Perera - Mahesh Senanayake

ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා වන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට (CSD) පත්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව, හෙට (27) දිනයේ ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩබාර ගැනීමට නියමිත බව පැවසේ.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීප් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ජූනි 15 වනදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මෙම ධුරය පුරප්පාඩු විය.

ක්‍රිශාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස නම් කලද, අගෝස්තු මස අග තෙක් සේවා දිගුවක් ලබා සිටින ඔහු තවදුරටත් හමුදාපති ලෙසත් කටයුතු කරන්නේ ද නැතහොත් නව හමුදාපතිවරයකු පත් කරන්නේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයකු වන ජෙනරාල් ජගත් ජයසුරිය මහතා එකී තනතුරට අමතරව මාස කිහිපයක් යුධ හමුදාපති ලෙසද කටයුතු කර තිබේ.

මහේෂ් චීනයෙන් ගෙන්වයි :

මහේෂ් සේනානායක : දේශපාලන අනුග්‍රහය ඇතිව...


කෙසේවුවද ජනාධිපතිවරයා විසින් නව යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

සිය දියණියගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටි මහේෂ් සේනානායක මහතාට වහාම දිවයිනට පැමිණෙන ලෙස හමුදාපතිවරයා දුන් නියෝගයක් අනුව ඔහු අද දිනයේ දිවයිනට පැමිණ තිබේ.

බොනිෆස් පෙරේරා : නාහිමිවරුන්ගේ සහය ඇතිව...

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ, ස්වේච්ඡා බලසේනාවේ ආඥාපති හා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා හමුදාපති ලෙස පත් කරන්නයි නාහිමිවරුන් වහන්සේලා කිහිප නමක්ම ජනාධිපතිවරයා ගෙන් දැඩි ලෙස ඉල්ලීම් කර ඇති බවයි. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යුධ හමුදාපති CDS තනතුරට : නව හමුදාපති මහේෂ් ද? බොනිෆස් ද ?"

    Post a Comment