වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන ඇයගේ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගෙන ඇති බව නොරචෝලේ පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – කරඹ ගාමන්ට් වත්ත පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි අයෙකි.
සැකකරු අතවරයවට පත්ව ඇති දැරිවියගේ මවගේ අනියම් සැමියාය. දැරිවියගේ මව සමග එකට මත්පැන් පානය කර ඇති සැකකරු
මව වෙරි මතින් නින්දට ගිය පසුව දැරිවියට අතවර කර ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා පළමු වරට සැකකරු තමන්ට අතවර කළ බවත්,එතැන් සිට නිරන්තර සැකකරු තමන්ට මෙම අපරාධය සිදු කරන බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකරුට ඇති බිය නිසා කිසිවක් හෙලි නොකල නමුත් ඉවසා සිටිය නොහැකි තැන සිද්ධිය පොලීසියට දැණුම් දීමට තීරණය කළ බවද නොරචෝලේ පොලීසියට පැමිණ ඇති දැරිවිය පවසා ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Share this
|
|
0 Comment to "මව වෙරි කර දුවට අතවර කළ සුළු පියා"
Post a Comment