12 May, 2017

රනිල් මේනකා ට ගරු කරනවාලු

Menaka-Ranil

සල්සපුනා ටෙලි නාට්‍යයේ ඇමැතිතුමා, එහෙම නැත්නම් සූරේන් කියන්නෙ ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයා වැළඳ ගත්ත චරිතයක්. සූරේන්ට පණ දෙන රනිල් මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන්නෙ ඔහුගේ රංගනය නිසාම නෙවෙයි. ඔහුගේ ආදරවන්තිය නිසා. හේතුව තමයි ඔහුගේ පෙම්වතිය වන්නේ විවාහයෙන් පසු රංගනයට සමුදීලා විදේශ ගත වුන මේනකා පීරීස්.

හැබැයි මේනකා ගේ විවාහ ජිවිතේ දෙදරා ගිහින් කියල ඔප්පු වුනේ ඇය රනිල් ට පෙම් කරන බව ප්‍රසිද්ධ වැඩසටහනක ප්‍රකාශ කරපු වෙලාවේ. හැබැයි ඇය විවාහය එක්ක ම රංගනය අතහැර ගිය ඇසු ඇයගේ අතිවිශිෂ්ඨ රංගනයට ආදරේ කරපු අයට ඇගේ නව පෙම් කතාව නම් සතුටට කාරණයක්.

මොනව වුනත් රනිල් ඇය එක්ක එක වහලක් යටට යන්න ලබන වසරේ බලාපොරොත්තු වෙනවලු.

රනිල් නම් තාම ක්ෂෙත්‍රයට අලුත්. දූවිලි මල් හරහා පුංචි තිරයට එන රනිල් ගේ අරමුණ නම් අධ්‍යක්ෂකවරයෙක් වෙන එක ලු. හැබැයි සැබෑ ජිවිතේ පෙම්වත් වුනත් රංගනයේදී නම් මේනකා කියන චරිතය ට රනිල් ගරු කරනවා කියලත් ඔහු කියනවා. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රනිල් මේනකා ට ගරු කරනවාලු"

    Post a Comment