12 May, 2017

නළුවෙකු වූ 'මෑන්හන්ට්'



මේ දවස්වල පුංචිතිරය නරඹන ඔබට නම් ”දිළුම් අයියා” අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ.
ඒ ඔහු රූපවාහිිනී පේ‍්‍රක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්ව ඇති චරිතයක් නිසා.
දෙරණ නාලිකාවේ රාත‍්‍රී 7.30ට විකාශය වන ”සිදූ” නාට්‍යය හරහා ඔබේ ආලින්දයට පැමිණෙන ඔහු තමයි යාෂ් මිහිරාන්.

ඔහුට ආදරය කරන ඔබ වෙනුවෙන් යාෂ් මිහිරාන් නොහොත් දිලූම් අයියා වෙනුවෙන් මෙවර සදැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඔහු සමඟ කළ සාකච්ඡුාවක සටහනක්.

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කරමුද?

මගේ නම යාෂ් මිහිරාන්. ගම මාතර, සෙන් තෝමස් විද්‍යාලයට ගියේ. ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි.

කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණු විදිය ගැන කතා කරමු?
මම සිරස මෑන් හන්ට් තරඟයට අයදුම් කළා. ඉන් ප‍්‍රථම ස්ථානය ලබාගෙන ජයග‍්‍රහණය කරන්න මට අවස්ථාව උදාවුණා. එතනින් පසුව තමයි මම නිරූපණ ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණේ. ඒකෙන් තමයි රංගන ක්ෂේත‍්‍රයට ආවේ.

නිරූපණ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් කොච්චර කල්ද?
දැන් අවුරුදු එකහමාරක් වෙනවා. මම දැනටමත් නිරූපණය හදාරනවා.

මේ දවස්වල දිලූම් අයියා ගොඩක් ජනප‍්‍රියයි නේද?
මම හිතනවා ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක.

ඉතින් කියමුකෝ මේ දිලූම් අයියා ගැන?
මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වෙන සිදු නාට්‍යයේ තමයි දිලූම් ඉන්නේ ඉතින් ඒ චරිතෙට මේ දවස්වල හොඳ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

කොහොමද මේ සඳහා සම්බන්ධ වුණේ.?
මගේ අයියා කෙනෙක් ඉන්නවා දෙරණ ආයතනයේ. ඔහු තමයි මාව මේ සඳහා යොමු කළේ. මේ ටෙලිනාට්‍යයටම නෙමෙයි නිවේදන කටයුතු කිරීමට හෝ ක්ෂේත‍්‍රයේ වෙනත් කටයුත්තකට මාව යොමු කරන්න මගේ ඡුායාරූප ටිකක් ඉල්ලූවා. ඉතින් මම මගේ ඡුායාරූප ටිකක් යැව්වා. එහිදී මාව දැකලා තමයි මාව මේ නාට්‍යය සඳහා තෝරාගෙන තිබුණේ.

එක පයින්ම ඔබ රඟපාන්න කැමති වුණාද?
මට තිර පරීක්ෂණයකට මුලින්ම කතා කළේ. මම ඊට සම්බන්ධ වුණාම තමයි මට මේ චරිතෙ ගැන විස්තර කළේ. ඉතින් මටත් ඒ චරිතෙට ගොඩක් ආසා හිතුණා. ඒ නිසා කැමැත්තෙන්ම භාර ගත්තා.

මුලින් නිරූපණ ශිල්පියෙක් වෙලා රංගනයට එද්දී කොහොමද ඒ අභියෝගය භාරගත්තේ?
නිරූපන ක්ෂේත‍්‍රය හැදෑරුවට එහි රඟපෑම් පැත්තත් තිබුණා. ඒ පළපුරුද්දත් එක්ක මට මේ චරිතෙ කොහොමහරි කරගන්න පුළුවන් වුණා.

බයක් හිතුණේ නැද්ද?
මුලින් පොඞ්ඩක් බය හිතුණා. කැමරාවට බය, ඒ වගේ දෙයක් එහෙම නෙමෙයි. රඟපෑමේ පොඩි නුහුරු ගතියක්. නමුත් දින තුන, හතරක් යද්දී ඒක හරි ගියා.

මෙහිදී ඔබට ප‍්‍රවීණ රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවානේ? කොහොමද ඒ අත්දැකීම?
ඇත්තටම ගොඩක් හොඳයි, ගොඩක් දේවල් ප‍්‍රවීණයන්ගෙන් ඉගෙනගන්න අපිට අවස්ථාව ලැබුණා. ගොඩක් දේවල් කියලා දීලා හරි සහයෝගයෙන් වැඩ කරනවා.

මේ චරිතය නිසා යාෂ්ගේ ජීවිතේට ලැබුනු වටිනාකම් ගැන කතා කළොත්?
මේ වෙද්දී මේ චරිතය නිසා ලොකු වටිනාකමක් හැදිලා තියෙනවා. මේ චරිතයට සහ මම මෙහි රඟපාන විදියට ගොඩක් අය කැමතියි. ගොඩක් අය දක්වන ප‍්‍රතිචාරත් එක්ක මම හිතනවා ඒක තමයි මම ලබපු ලොකුම වටිනාකම කියලා.

ඒ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?
මමත් දිලූම් වගේම ගම්බදව හැදුණු කෙනෙක්. මගේ ඇත්ත ස්භාවයත් ටිකක් මේ වගේ තමයි.

දිලූම් වගේම ඔබත් ගෑනු ළමයිගේ ආදරේ ගන්න උත්සාහ කරනවාද?
ඒ චරිතයේ හැටියට දිලූම්ගේ වගේම ගෑනු ළමයගේ හිතෙත් තියෙනවනේ පොඩි හැඟීමක්. නමුත් දෙන්නම කියන්නේ නෑ.

සැබෑ ජීවිතේ එහෙම ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවද?
අනේ නෑ.

සැබෑ ජීවිතේ ආදරේ පිළිබඳ අද්දැකීම් තියෙනවාද?
තියෙනවා. නැත්තේ නෑ. ඒත් දැන්නම් නෑ.

ක්ෂේත‍්‍රයට ආවම සම්බන්ධතා තිබුණත් නෑ කියලා නේද කියන්නේ?
ඇත්තටම කියනවනම් ක්ෂේත‍්‍රයේ සම්බන්ධකම් තියාගෙන ඉන්න අමාරුයි. මට තවම අවුරුදු 22යි නෙ. ඒ වගේ දේකට තව කල් තියෙනවා කියලා හිතෙනවා.

ආදරයක් හිතේ තියාගෙන ප‍්‍රකාශ කරන්න බැරිව ඉඳලා තියෙනවද?
අනේ නෑ.

ඒ කියන්නේ යාෂ් ඒ වගේ දේවල් හිතේ තියාගෙන ඉන්නේ නෑ විවෘතව කතා කරනවා.
අනිවාර්යෙන්ම ඔව්.

”සිදු” කියන්නේ ඔබේ පළමු ටෙලිනාට්‍ය රංගනය නේද?
ඔව්.

ප‍්‍රථම රංගනය වුණත් ඔබේ චරිතය ගොඩක් ජනප‍්‍රිය වෙලා ඉන්නවා කොයි වගේ සතුටක්ද තියෙන්නේ?
ඇත්තටම බලාපොරොත්තු නොවුණටත් වඩා හොඳ ප‍්‍රතිචාර තියෙනවා. රඟපාන්න එද්දී හිතුවේ නෑ මෙතරම් කතා බහකට ලක්වෙයි කියලා. මගේ හැකියාවත් එක්ක වෙන්න ඇති මේ තරම් දුරට ප‍්‍රතිචාර ලැබුණේ. ගොඩක්ම පිටරට අයගෙන් දුරකථන ඇමතුම් ගොඩක් එනවා. ඒ වගේම ත්‍ඊ මැසේජ්වලින් පාර තොටේදී ඒ වගේ ප‍්‍රතිචාර ගොඩක් තියෙනවා. ඒ විදියට ප‍්‍රතිචාර ලැබෙද්දී ඒ සතුට වචනවලින් කියන්න බෑ.

වැඩි ප‍්‍රතිචාර තියෙන්නේ ගෑනු ළමයින්ගෙන්ද?
එහෙම නෑ. සජීවීව ගත්තොත් පොඩි ළමයින්ගෙන් ප‍්‍රතිචාර ඉහළයි. එයාලා ළඟට ඇවිල්ලා කතා කරනවා. සමාජ ජාලා වෙබ් අඩවිවලින් ගත්තොත් ගෑනු ළමයින්ගේ ප‍්‍රතිචාර වැඩියි.

ඇයි මේ ක්ෂේත‍්‍රයට එන්න හිතුවේ?
මම කලාව පැත්තට කැමැත්තෙන් හිටපු කෙනෙක් නෙමෙයි. මම සිරස මෑන් හන්ට් වැඩසටහනට අයදුම් කළාට පසුව තමයි හිතුණේ මේ ක්ෂේත‍්‍රය ගොඩක් හොඳයි කියලා.

නළුවෙක් විදියටම ඉදිරියට යන්නද බලාපොරොත්තුව?
ඔව් ඇත්තටම එහෙමයි.

ධනු විජේරත්න


yaash-mihiran-01

yaash-mihiran-02

Yaash Mihiran-Maneesha Chanchala-01

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නළුවෙකු වූ 'මෑන්හන්ට්'"

    Post a Comment