12 May, 2017

අඩ නිරුවත් Skype වීඩියෝව ගැන අයිශාරා කියපු කතාව

Aishara Athukorala

ඉසුරු වීරසිංහ මුදලිගේ අධ්‍යක්‍ෂණයෙන් යූ. ආර්. පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන් මේ දිනවල තිරගතවන පැණි මකුළුවෝ සිනමා නිර්මාණයේ මහලු සැමියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන්ය. එහි ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ නිරූපණ ශිල්පිණියක හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක වන අයිශාරා අතුකෝරාලය. පැණි මකුළුවෝ ගැන මේ ඔවුන් දෙපළ සමග කළ සංවාදයකි.

අයිශාරා පැණි මකුළුවකුගේ දැලට හසුවෙලා කියන්නේ ?

පැණි මකුළුවෝ කියන්නේ මගේ පළමු චිත්‍රපටය. උදාර පල්ලියගුරු තමයි මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගන්නේ. පිටපතට කියවලා බැලුවහම ඇත්තටම මට ආස හිතුණා. මොකද මේ දිනවල ලංකාවේ ගොඩක්‌ ගැහැණුන්ට බලපාන ප්‍රශ්නයක්‌. ඉන්ටර්නෙට්‌ කියන දේ ආවහම බලපාපු ප්‍රශ්නයක්‌ ගැන තමයි කතාබහවෙන්නේ. ඒ හරහා සමාජයට පණිවුඩයක්‌ දෙන්න පුළුවන් හින්දා තමයි ගොඩක්‌ම ආසා හිතුණේ.

සනත් ගුණතිලක වැනි ප්‍රවීණ නළුවෙක්‌ සමග වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ?
ඒ වගේ ප්‍රවීණයෙක්‌ සමග සිනමාවට එන්න ලැබීම ලොකු භාග්‍යයක්‌. පැණි මකුළුවෝ සිනමා නිර්මාණයට දායකවෙන්න ඒකත් හේතුවක්‌ වුණා. මම හිතනවා මට පුළුවන් විදිහට වැඩකළා කියලා.

සනත් කාලෙකට පස්‌සේ ඇඟට දැනෙන චරිතයකින් ආපහු රිදී තිරයට ගොඩවෙලා ?
පැණි මකුළුවෝ සමග වැඩකරන්න ප්‍රධානම හේතුව වුණේ එහි තිබුණ තිර රචනය හා මට ලැබුණ චරිතයයි. ඒ චරිතය මට සුවිශේෂයි. සියලුම කරුණුවලටව මේ චරිතයට තිබුණ උනන්දුව වුවමනාව මත මම මේ චිත්‍රපටය භාරගන්නවා. භාරඅරගෙන මම මේ චරිතයට යම්කිසි සාධාරණයක්‌ කරන්න උත්සාහ කරනවා. මම විශ්වාස කරනවා දැන් නම් ඒක නැතිවෙමින් යන දෙයක්‌. කිසියම් චරිතයක ඒ හැඟීම් ඒ වගේම චරිතය විසින් කියනු ලබන දේ තවදුරටත් ඉලක්‌කගත කිරීම සුදුසුයි කියලා. ඒක මම මේකටත් ආදේශ කළා.

පැණි මකුළුවෝ හින්දා බාහිර පෙනුමත් වෙනස්‌ කරගත්තා ?
ඔව්. බාහිර පෙනුමත් වෙනස්‌ කරගත්තා. ඇඟ වැඩිවුණා. චිත්‍රපටය අනුව අයිශ්ගේ සැමියා අයිශ්ට වඩා වයසින් වැඩිමහල් ව්‍යාපාරිකයෙක්‌. ව්‍යාපාර කටයුතු හින්දා ඔහුගේ සෞඛ්‍යයත් අමතක කරපු කෙනෙක්‌. ඒ හින්දා ඔහු රෝග කිහිපයකින් පෙළෙන කෙනෙක්‌. ඒ හින්දාම ඔහුගේ පෙනුමෙත් එතරම් ආකර්ෂණීය බවක්‌ නැහැ. මම කියන්නේ නැහැ මා තුළ ආකර්ෂණීය බවක්‌ තියෙනවා කියලා. තිබෙනවා නම් ඒක නැති කරගැනීමට සිද්ධවුණා. ඉතිං එහෙම කරලා තමයි චිත්‍රපටය කළේ.

පැණි මකුළුවෝ හදිසියේ තිරගත කරන්න හිතුවේ ඇයි ?
චිත්‍රපටය තිරගත කිරීමට ඉතාම අසීරු යුගයක තමයි කුමක්‌ හෝ වාසනාවකට චිත්‍රපටය තිරගත වෙනවා. මම ඒකෙදි වැඩියෙන්ම සංතෝස වෙන්නේ මේ චිත්‍රපටයත් සමග අයිශ්ගේ පළමු චිත්‍රපටය. ඒ වගේම දිනෙත්ගේ පළමු චිත්‍රපටය. දිනෙත් ඉදිරියට එන්න ඕනෑ රංගන ශිල්පියෙක්‌ කියලා මම විශ්වාස කරනවා.

ඇයි මේ චිත්‍රපටය සමාජයට වැදගක්‌ කියා ඔබ හිතන්නේ ?
උදාර පල්ලියගුරුගේ මේ නිෂ්පාදනය මම වැදගත් කොට සලකන්නේ වර්තමාන සමාජය තුළ තිබෙන්නා වූ සුවිශේෂ අපචාරයක්‌. මොකක්‌ද මේ අපචාරය. මේ ඉන්ටර්නෙට්‌ ස්‌කයිප් එක භාවිතයෙන් අපේ තරුණ මව්වරුන්, දියණියන් වෙන්න පුළුවන් ඒ අයව රැවටීමේ ව්‍යාපාරයක්‌ තියෙනවා. ඒක අපි හැම සතිපතාම පත්තරයකින් දකිනවා. අන්න ඒක පිළිබඳව කිසියම් ආකාරයක අවවාදාත්මක පණිවුඩයක්‌ ගෙනදෙන චිත්‍රපටයක්‌ හින්දා මේක තිරගත වීම පිළිබඳව සතුටුවෙනවා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා මගේ චිත්‍රපටයක්‌ කියලා මෙය නරඹන්න එපා. විශේෂයෙන් මව්වරුන්, දියණියන්ගේ කතාන්දරයක්‌ කියලා. බැලුවහම තේරෙයි අපිටත් මේවාට අහුවෙන්න ඉඩ තිබේවි කියලා. ඔය අන්තර්ජාලය බහුලව භාවිතා කරන අයට මේක ගැටලුවක්‌ වෙන එකක්‌ නැහැ.

අයිශාරා මේ දිනවල ඔබගේ අඩනිරුවත් දර්ශනයක්‌ සයිබර් අවකාශයේ සැරිසරනවා නේද?
චිත්‍රපටයේ එක සිද්ධියක්‌ තියෙනවා ස්‌කයිප් කෝල් එකක. ඒක ඇත්තටම අඩනිරුවත් නෙමෙයි. අතිනුත් පොඩ්ඩක්‌ දාලා තමයි කතාව ගිහිං තියෙන්නේ. අඩනිරුවත්වීමක්‌ එතැන නැහැ. නමුත් එතැන යම්කිසි පොඩි සිද්ධියක්‌ තියෙනවා. ඒක වැඩිපුර උලුප්පලා පෙන්වන්න තමයි හදන්නේ. චිත්‍රපටය බැලුවහම ඒ ගැන තේරෙයි. මේක පවුලේ චිත්‍රපටයක්‌.

චිත්‍රපටයේ තිබුණ පොඩි දෙයක්‌ සයිබර් අවකාශය හරහා ලොකු දෙයක්‌ කරලා. එහෙමද?
එහෙම වෙනවානේ අන්තර්ජාලයේ. ඒ සිද්ධියට අදාළ දර්ශනයේ ඡායාරූපයක්‌ තමයි ඔය අන්තර්ජාලයේ සැරිසරන්නේ. ඒක විවිධ වෙබ් අඩවිවලින් වැඩිපුර ප්‍රචාරය කරලා තියෙනවා. හැමෝම ඒ ගැන වැඩිපුර කතාබහ වෙනවා.

මේ හින්දා ඔබ කලකිරිලද ඉන්නේ ?
නැහැ. අපි ඕක දන්න දෙයක්‌නේ. කවුරු මොන වැඩේ කළත් ඔය වගේ පොඩි සිද්ධියක්‌ තිබුණහම ඒක ඉස්‌මතුවෙනවා. ඊට පස්‌සේ ඒ ගැන වෙබ් අඩවි කතාබහ වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්‌. කමක්‌ නැහැ. මොනවාවුණත් මේ නිර්මාණය වැදගත් නිර්මාණයක්‌. සමාජයට පණිවුඩයක්‌ ලබාදෙනවා. ඡායාරූපයේ තියෙන්නේ මොකක්‌ද කියලා ඔය කතා සියල්ලටම උත්තර චිත්‍රපටය නැරඹුවහම ලැබේවි.

පැණි මකුළුවෝ ප්‍රචාරණයට වාසියක්‌ හින්දාද හොඳයි කියලා කියන්නේ ?
චිත්‍රපටයේ ඒ වගේ පොඩි සිද්ධියක්‌ ඇත්තටම තියෙනවා. නමුත් ඡායාරූපය දැක්‌කහම කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ඒ වගේ සිද්ධි මාලාවක්‌ තියෙනවා කියලා විතරයි.

ඉතිං ඕක අයිශාරා නොකළානම් වෙන කවුරු හරි නිළියක්‌ කරන්න එපායෑ. මේ රංගනය කියන එක පිළිබඳව අවබෝධයකින් කටයුතු කරපු තරුණියක්‌ විදිහට මම අයිශ්ට ගරු කරනවා. මොකද මේකේ ආදීනව පෙන්වන්න එපායෑ. ඒකට කවුරු හරි කෙනෙක්‌ එපායෑ.

අයිශාරා දිගටම සිනමාවේ රැඳෙන්නද අදහස?
ඔව්. මම දිගටම සිනමාවේ රැඳෙන්න තමයි කැමැති.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අඩ නිරුවත් Skype වීඩියෝව ගැන අයිශාරා කියපු කතාව"

    Post a Comment