මියුසික් වීඩියෝ කලාව අද වනවිට ගීතයක් ජනප්‍රිය වීමේ ප්‍රධාන මාර්ගය වී ඇත. එවැනි කාල වකවානුවක එළිදැක්වෙන ඇතැම් ගීත කොතෙක් දුරට සමාජයට, සංස්කෘතියට ගැළපෙන්නේද යන කාරණාව පිළිබඳව බොහෝ දෙනාට ගැටලුවක් විය. එවැනි කාලීන සිදුවීම් අතරින් විශිෂ්ටත්වයේ ඉහළින්ම ඇති නිර්මාණයක් ලෙස සැලකෙන වීඩියෝවක් පසුගියදා එළිදැක්විණි.
ආත්ම දෙකක් ඔස්සේ දිවයන ආදර කතාවක අවසානයක් පිළිබඳව මෙම වීඩියෝව තුළින් ඉස්මතු වෙයි. එය අප රටේ බොහෝ දෙනා ආදරය කරනු ලබන ගායකයෙකු වන ප්‍රදීප් රංගනගේ නවතම ගීතයය.
රියලිටි තරුමාවත තුළින් ජනාදරයට පත් ඔහු මේ වනවිට ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇත. එමෙන්ම පසුගියදා එළිදැක් වූ නවතම ගීතය වන 'ඔබගෙන් තරම්' ගීතයත් සමගින් ඔහුට ආදරය කරන පිරිස වැඩිවූ බව නම්
විශ්වාසය. වෙනස්ම රූප පෙළක් ඔස්සේ නිර්මාණය වූ මෙම ගීතය මේ වනවිට Youtube ජාලයේ ඉහළම නැරඹුමක් සහිත ගීතයක් බවට පත්ව ඇත.
එමෙන්ම Youtube music category හි පළමු තැනටද පත්ව ඇත. නවක අධ්‍යක්ෂකවරයෙකු වන සන්දේශ් බණ්ඩාර විසින් සිදුකරනු ලැබූ මෙම ගීතය වෙනස්ම කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වූවකි. ආත්ම දෙකක් තුළ ඇති ආදර කතාවක් විනාඩි කිහිපයක් තුළින් නිර්මාණය කිරීමට හැකි වීම පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ කුතුහලයකි. ඒ නිසාම මේ ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබේ.

- නිකුත් වූ දිනය - 2017 ජුනි 10
- ගායනය - ප්‍රදීප් රංගන
- පද රචනය - ප්‍රදීප් රංගන
- සංගීතය - ප්‍රදීප් රංගන
- නැරඹූ සංඛ්‍යාව - 185,576
Share this
|
|
0 Comment to "ආත්ම දෙකක ආදර කතාවක් වූ 'ඔබගෙන් තරම්'"
Post a Comment