අද බොහෝ දෙනා ජාත්‍යන්තර මට්ටම යාමට සිතා බොහෝ නිර්මාණයන් සිදුකර තිබෙන බව අප කවුරුත් දන්නා කාරණාවක්. නමුත් ජාත්‍යන්තර මට්ටමට වීඩියෝවක් නිර්මාණය කර තිබෙන බව කිව්වොත් කිසිඳු වරදක් නොමැත. මේ මියුසික් වීඩියෝ එක ලංකාවේ ගායකයෙක්ගේ කිව්වොත් ඔයාලා පුදුමවේවි.
මේ ඒ දවස්වල ‘08 පංතිය’ මියුසික් වීඩියෝ එක කරපු හෙෂ්ගේ අලුත් මියුසික් වීඩියෝ එකේ ට්‍රේලර් එක මේ වනවිට යූටියුබ් ජාලයට එකතු වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ එකේ ට්‍රේලර් එක රිලීස් කරලා පැය 48ක් ඇතුළත ලංකාවේ යූටියුබ්වල මියුසික් කැටගරි එකේ අංක එකට පත්වුණා.
ලංකාවෙම ප්‍රසිද්ධ ඇමෙරිකාවේ ජීවත්වන ඩෙලොන් එක්ක තමයි මේ මියුසික් වීඩියෝ එක කරලා තියෙන්නේ. දැනට ලංකාවේ කරලා තියෙන වීඩියෝ අතරින් මේක ලොකු වියදමක් දරපු වීඩියෝ එකක් කියලා තමයි අපට ආරංචි වුණේ.
මෙම වීඩියෝවට ලංකාවේ
දකින්න අඩු දුර්ලභ ගණයේ මෝටර් රථ 04ක් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව මේ විඩියෝ එක ෂූට් කරලා තියෙන්නේ ඩුබායි, අබුඩාබි සහ ලංකාවේ මීගමුව පැත්තේ.
මේ කාර්යය සඳහා විදෙස් ජාතික අධ්‍යක්ෂකවරු, කැමරාකරුවන් ඇතුළු කණ්ඩායමක් තමයි මේ දේ සිදුකරලා තියෙන්නේ. මේ කාර්යය ලංකාවේදී සිදුකරද්දී ලංකාවේ අධ්‍යක්ෂක ඉන්දික වික්‍රමරත්න දායක වෙලා තියෙනවා. එහි වීඩියෝවේ ප්‍රචාරක පටය මෙහි දැක්වෙනවා.

(saaravita)

Share this
|
|
0 Comment to "08 පංතියේ හෙෂ් එක්ක ඩෙලෝන් පනින අළුත් පිම්ම"
Post a Comment