05 May, 2017

රනුර සහ ෂෙහාන් කරපු අලුත්ම පෙරළිය

Ranura - Shehan

ලාංකික වශයෙන් අභිමානයෙන් ඇගයිය යුතු තරුණ පරපුරක් පවතින බව කීම අතිශයෝක්තියක් නොවේ.

එවන් තරුණ සමාජයක් තුළ නව නිර්මාණයන් සමග ඉදිරියට ඒමට වෙර දරනා තරුණයෙකු ලෙස රනුර පෙරේරා හැඳින්විය හැකිය.

ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර එය You-tube ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්විය. 

ඔහු කරනු ලබන මෑෂප් ගීත සඳහා හොද ප්‍රතිචාරයන් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ රනිදුගේ සිංදු 10ක එකතුවක් ඔහු විසින් සිදුකරනු ලැබුවා.

මේ වනවිට ඔහුගේ අලුත් මෑෂප් ගීතය එළිදක්වා තිබෙනවා. 

ඒ ගීත අතරින් ජිප්සිස් සංගීත කණ්ඩායමේ 'ඕයේ ඔජායේ' ගීතයද, සනුක වික්‍රමසිංහගේ සංසාර සිහිනේ ගීතයද, Daddy සංගීත කණ්ඩායමේ 'ආලේ' ගීතය මෙන්ම ඉංග්‍රීසි ගීත කිහිපයක්ද මේ මෑෂප් ගීතය සඳහා එක් කර තිබෙනවා. 

නවමු සංගීත වෙනසක් පෙන්නුම් කරන මෙම ගීතය ගුණ දොස් නරඹන ඔබම තීරණය කල යුතුයි.



(saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රනුර සහ ෂෙහාන් කරපු අලුත්ම පෙරළිය"

    Post a Comment