19 August, 2017

සංගා, මහේල හෝ ඩිල්ෂාන් හිටියානම් මම ලංකාවට එන්නේ නෑ

mahela-sangakkara-gurusinghe
අසංගක ගුරුසිංහ/මහේල ජයවර්ධන/කුමා සංගක්කාර
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙසත් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසත් 1996 ලෝක කුසලානය ජයගත් කණ්ඩයමේ අසංගක ගුරුසිංහ කටයුතු කරයි.

විදෙස් වෙබ් අඩවියක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ සංගා, මහේල හෝ ඩිල්ෂාන් කණ්ඩායමේ සිටියාම් තමන් නව තනතුර භාර නොගන්නා බවයි. ඒ එම ක්‍රීඩකයන් සිටින විට තමන්ගේ සේවය අනවශ්‍ය බවයි.

“තිලංග මගේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේ අරවින්දත් මට කතා කරලා එන්න කිව්වා. මම හිතුවා මේ තරුණ කණ්ඩායමට උදව් කරන්න හොඳම කාලය කියලා. සංගා හා මහේල හිටියනම් මම එන්නේ නෑ. මොකද සංගා, මහේල, ඩිල්ෂාන් ඉන්නවා කියන්නේ ඔබට මම වගේ කෙනෙක් අවශ්‍ය නෑ. නමුත් මම හිතනවා මේ තමයි කණ්ඩායම මම වගේ කෙනෙක් අවශ්‍ය.”

එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉක්මනින්ම සමුදීමටත් හේතුව පැහැදිලි කළේය.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ගුරුසිංහ හා අර්ජුන අතර ඇතිවූ මත ගැටුමක් ගුරුසිංහ ක්‍රිකට් දිවිය අත්හැරීමට හේතුව වූ බව බොහෝ දෙනෙකුගෙ අදහසද වෙයි.

“ හේතු කිහිපයක් තිබුණා. එකක් ලංකාවේදී ක්‍රීඩා කර මට සතුටුවීමට නොහැකිවීම. දේශපාලනය ක්‍රීඩාවේ අංගයක් වෙලා. ඒක වෙනස් වෙන්නේ නෑ. හැමදාම දේශපාලනය ක්‍රිකට් වලට මුසුවී තිබේවි. අපිට කලින් සිටම ඒ දේ තිබුණා. මම ඒ වගේ වටපිටාවක තරග කරන්න කැමති නෑ. ඒ නිසයි මම හිතුවේ ඒ යන්න හොඳම වෙලාව කියලා.” (රුවන් කාශ්‍යප-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගා, මහේල හෝ ඩිල්ෂාන් හිටියානම් මම ලංකාවට එන්නේ නෑ "

    Post a Comment