මෙසේ ඇප මත මුදා හරිනු ලැබුයේ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයකු වන අතර ඔහුගේ බිරිඳ ගැබිනියක බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
වැරදීමකින් කෙල පිඩ තරුණියගේ සිරුරට වැටෙන්නට
ඇතැයි විවෘත අධිකරණයේදී මූලික කරුණු දක්‌වා සිටියද, විත්තිකරු පසුව කියා සිටියේ, කලක සිට ඇය සේවය නිමවී යන අයුරු දැක ඇති බවත්, ඇය වෙත ප්‍රේම කිරීමට සිත් පහල වුවද එවැන්නක් සිදුකළ නොහැකි බව තමාට වැටහුන බවත්ය. එහෙත් තරුණිය දකින සෑම අවස්‌ථාවකදීම ඇය පිළිබඳ ඊර්ෂ්‍යාවක් හටගන්නා බවද, එදින ඉවසුම් නැතිව ගොස් ඇය වෙත කෙල ගැසූ බවද විත්තිකරු කියා සිටියේය.
ඉකුත් 25 වැනි දා සවස 6.00 ට පමණ මහනුවර දළදා වීදියේ, සුපිරි වෙළඳ සංකීර්ණයක් අසලදී මෙය සිදුවී ඇත. මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මැදිහත් වීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමුකරනු ලැබිණි.

සමන්තී වීරසේකර (දිවයින)
Share this
|
|
0 Comment to "ඉවසගන්න බැරිම තැන ආදරය හිතුණු කෙල්ලට කෙළ ගහලා"
Post a Comment