21 May, 2017

ලාබාල නායකයාගේ කාන්තා කැබිනෙට්ටුව

French presidents cabinet women

කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති ලෙස පත්වූ එම්මානුවෙල් මැක්‍රොන් කටයුතු කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමැති ධුර විසි දෙකෙන් එකොළහක්ම කාන්තාවන්ට හිමිව තිබේ.ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්ය.

සිවිල් ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර ඇත.

සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති මැක්‍රොන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තා වෙයි.

ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රොන් පත් කරතිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්. අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන්ද පත් කර තිබේ.

ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රොන්ට සහාය දෙන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් තැබීම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ගණනක් විසින් මීට ඉහතදී විවේචනය කරනු ලැබිණි.

ප්‍රංශ මහ මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.

මධ්‍යස්ථ මතධාරියෙකු වන ජනාධිපති මැක්‍රොන් සිය අගමැතිවරයා වශයෙන් පත්කරනු ලැබූ එදුවාර්ද් ෆිලිපේ ද දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකි. (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලාබාල නායකයාගේ කාන්තා කැබිනෙට්ටුව"

    Post a Comment