ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කායවර්ධන තරගාවලි තුනකම විවිධ ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව සිටිනවා.
ඒ, දිල්රුක්ෂි සොලමන් ආරච්චියි.
දිල්රුක්ෂි 2003 වසරේ ඇගේ නැගණිය ද සමග මෙරටින් ඇමෙරිකාව බලායන්නේ වැඩිදුර අධ්‍යාපනයටය.
එහිදී ඇය ස්වයංව කායවර්ධනය පිළිබඳව හැදෑරීම කරගන යන්නේ හුදු විනෝදාංශයක් ලෙසය. පසුව ඇයට ලැබෙන ආරාධනයකට අනුව ඇය කාන්තා කායවර්ධන අංශයේ තරගාවලි සඳහා ඉදිරිපත් වීමට කටයුතු කර තිබෙනවා.
“මගේ පදිංචිය කිරිබත්ගොඩ. අපේ පවුලෙ හය දෙනෙක්. මම දෙවැනියා. මම උසස් පෙළ හදාරන්න ගියේ ගම්පහ සිද්ධාර්ථ මහ විද්‍යාලයට. හැබැයි එහෙදී ක්‍රීඩා අංශයට ඒ තරම් උනන්දු නොවුණට පසුව ඒ පැත්තට උනන්දු වුණේ අයියගෙ පසුබිමත් එක්ක. අයියට කායවර්ධන පුහුණු ආයතනයක් තිබුණා. ඒකෙ ලබපු පුහුණුව මම ඇමෙරිකාවේදිත් දිගටම පවත්වාගෙන ගියා. ගිය අවුරුද්දෙ එහෙ තිබුණා ව්ඛි හරිකේන්බේ චැම්පියන් ෂිප්-2016 කියලා කායවර්ධන තරගාවලියක්. මම ඒ තරගාවලියට ඉදිරිපත්වෙලා පදක්කම් 3ක් හිමිකරගත්තා. මේකට තරගකාරියන් 150 විතර ඉදිරිපත් වුණා." තමන්ගේ ජයග්‍රහණ ගැන ඇය සඳහන් කළේ එලෙසයි.
දිල්රුක්ෂි NPC Lee banks Natural Championships 2017 තරගාවලියේදී බිකිනි (Bikini) සමස්ත අංශයේ ජය සහ Class A අංශයේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර Masters over
35 අංශයේ ප්‍රථම ස්ථානයද එහිදී ඇය දිනාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වනවා.
“National Body Building Championship තරගාවලියට ඉදිරිපත්වෙලා මම ප්‍රථම ස්ථානයත් හිමිකරගත්තා. ඒක හරිම වැදගත් වෙන්නේ කිසිම උත්තේජකයක් ලබාගන්න බැහැ. එහිදී පළවෙනියා වෙන්න කාණ්ඩ හතරක් දිනන්න ඕනෑ.මම ඇමෙරිකාවට ගියේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. ඒ අතරතුර මම විනෝදාංශයක් ලෙසයි මේ කටයුත්තට ඉදිරිපත් වුණේ. මුල් දවස්වල මගෙ ෆේස්බුක් එකේ මේ පින්තූර දැක්කම පිරිමියෙක් වෙන්න හදන්නෙ ඇයි කියලා සමහර අය කොමෙන්ට්ස් දාලා තිබුණා.
මම ඒවායින් පසුබැසීමට ලක්වුණේ නෑ. මම අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට ගිහින් ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියාවක් කරනවා. ඒ වගේම විවාහ ජීවිතයේ වගකීම් මම නොපිරිහෙළා කරනවා. මට අවුරුදු තුනක බබෙක් ඉන්නවා. ඒ සියල්ලත් සමග ශක්තිමත් කාන්තාවක් කියන එක මගේ කටයුතුවලට පහසුවක්.මම නං ලංකාවෙ තරුණියන්ට කියන්නේ කොයි වෙලාවකවත් තමන් කැමැති දෙයක් කරන්න යද්දී අනිත් අයගෙ මත නිසා වෙනස් කරගන්න එපා කියලා” යනුවෙන් ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

Share this
|
|
0 Comment to ""අනිත් අයගෙ මත නිසා වෙනස් කරගන්න එපා " - පිරිමියෙක් වගේ කියලා කතා අහපු දිල්රුක්ෂි ඇමරිකාවේත් කප් ගහලා"
Post a Comment