26 September, 2017

"දෙවරක්ම බිම වැටිලා – ටික වෙලාවක් කල්පනා කරලා" දසුන් ගෙලවැලලාගන්නා හැටි ඔහුගේම දුරකතනයෙන් රූගත කරලා

dasun-nishan-de-silva

නව පරපුරේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් ඊයේ (25) ගෙලවැලලාගෙන මිය ගියා.


නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන මියයයි (Photos)


ඔහු මෙලෙස දිවිනාසාගෙන තිබුණේ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටින පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි.

අදාළ අවස්ථාවේ කිසිවෙකත් එම නිවසේ සිට නොමැති අතර ඔහු මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සිය දිවි නසා ගන්නා අයුරු රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙන බව මේ වන විට වාර්තා වෙනවා.

28 හැවිරිදි දසුන් නිශාන් සිය දිවි නසා ගැනීමට හේතුවක් තවමත් පැහැදිලි වී නොමැති අතර සිය දිවි නසා ගැනීම මෙලෙස පටිගත කර තිබෙන හේතුවද මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව දසුන් දෙවරක් ගෙල වැල ලා ගැනීමට තැත්කර තිබෙනවා.

ඉන් එක් අවස්ථාවක දී ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිට, නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙම දුරකථනයට අමතරව ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලියා තිබූ ලිපියක් ද එම ස්ථානයේ සිට පොලිසියට හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""දෙවරක්ම බිම වැටිලා – ටික වෙලාවක් කල්පනා කරලා" දසුන් ගෙලවැලලාගන්නා හැටි ඔහුගේම දුරකතනයෙන් රූගත කරලා"

    Post a Comment