අක්මාව ශරීරයට ඇතුළු වන විෂ වර්ග ඉවත් කරමින්, හෝර්මෝන නිපදවමින් විශාල කාර්යභාරයක් ඉටුකරලනු ලබයි. එමෙන්ම ආහාර ජීර්ණයේදී ද දායකත්වයක් දක්වයි. මේ අක්මාව නීරෝගීව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.
බ්‍රොකොලි - මේවායේ ඇති කොළ පැහැයට හේතු වී ඇත්තේ එහි අන්තර්ගත හරිතලව හා ප්‍රතිඔක්සිකාරකයනුයි. තන්තු බහුල ආහාරයක් වන මෙමඟින් ශරීරයේ විශ ඉවත් කරලනු ලබයි. එමෙන්ම එන්සයිම නිපදවීමේ ක්‍රියාවලියටද උපකාරී වේ.
බීට්රූට් - මේවා මඟින් ඔබගේ රුධිරය පිරිසිඳුු කරලනු ලබන අතර අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරවයි. තන්තු වලින් පොහොසත් වගේම ප්‍රතිඔක්සිකාරක, යකඩ හා තවත් බොහෝ පෝෂ්‍ය
පදාර්ථ වලින්ද අනූන වේ.
ධාන්‍ය - මේවායේද විෂ බැහැර කරවන තන්තු බහුල වේ. ශරීරය තුළ ප්‍රොටීන නිපදවීමද සිදු කරයි.
දෙහි- Vitamin C හා ප්‍රතිඔක්සිකාරක බහුල බැවින් අක්මාවේ ක්‍රියාකාරීත්වයට ආධාර කරයි. විෂ බැහැර කරවයි. ජීර්ණය හා බහිස්‍රාවය පහසු කරවයි.
ඇපල් - ඇපල් මඟින් ශරීරයට පෙක්ටීන් මෙන්ම තවත් ශරීර අභ්‍යන්තරය පිරිසිඳු කරවන පදාර්ථයන් දායක කෙරේ.
බතල- බතල වල බීටා කැරොටීන් අන්තර්ගත වේ. එමෙන්ම මෙය අක්මාවට හිතකර ආහාරයක් වේ.
ළූණු - ළූණු වල අන්තර්ගත allicin නිසා එය ජීර්ණ පද්ධතියට හා අක්මාවට හිතකර වේ.
සුදුළූණු- මෙමඟින්ද අක්මාවට බෙහෙවින් හිතකර allicin දායක කරයි. සුදුළූණු මඟින් රුධිරය පිරිසිඳු කරවනවා මෙන්ම පෝෂණය කරවයි. එය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද යහපත් වේ.
අලිගැටපේර- අලිගැටපේර මෙන්ම ආමන්ඩ් හා walnuts වලද ශරීරයට අවශ්‍ය හිතකර මේද වර්ග අඩංගු වේ.
ගෝවා- මේවාද ඔබගේ අක්මාවට යහපත් වේ.
අන්තර්ජාලය ඇසුරිනි - යශෝදා ඉන්දීවරී (දිනමිණ)

Share this
|
|
0 Comment to "අක්මාව සුවපත් කරන ආහාර වර්ග.."
Post a Comment