26 September, 2017

"අවසන් ගමන් අද යන්ඩ යන්නේ" - දුසුන්ගේ කතාවේ නිලිය ශලිනිද? දෙන්නාගේ නුවරඑළියේ වීඩියෝවක් එළියට

dasun-nishan-shalini-tharaka

ගෙල වැළලාගනිමින් පසුගිදා සිය ජීවන ගමන අවසන් කළ රංගන ශිල්පි දසුන් නිෂාන් පිළිබඳව මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා.

මේ අතර ඔහු මියයාමට පෙර මුහුණු පොතට එක්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් කතා බහක් මතුව තිබෙනවා.

ඔහු රංගන ශිල්පිණි ශලිනි තාරකා සමග නුවරඑළිය ප්‍රදේශයේ ගීත රූප රචනාවක් රූගත කරන අවස්ථාවක් මෙම වීඩියෝවේ සටහන් වී තිබෙනවා.

මෙහිදී ඔවුන් සියලු දෙනා රේල් පාරේ දිගාවී සිටින අතර, අපි රේල් පීල්ලකට බෙල්ල තියලා තියෙන්නේ අවසන් ගමන් යන්න යන්නේ යැයි සඳහන් කරනවා.

එම වීඩියෝව පහතින්.



අද පැවති දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි දසුන්ගේම මව සාක්ෂි දී තිබුණා.

එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා.

ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා.

කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.

අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා.

‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා. මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ. අපි අයින් වෙමු. දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.

ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.

දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""අවසන් ගමන් අද යන්ඩ යන්නේ" - දුසුන්ගේ කතාවේ නිලිය ශලිනිද? දෙන්නාගේ නුවරඑළියේ වීඩියෝවක් එළියට"

    Post a Comment