23 September, 2017

කලකිරීමක් දුකක් පමනයි ලැබුනේ - ඔබ කොපමන මා රිදේව්වත් ඔබ වෙනුවෙන් හැමදා ගීත ගයන මම චාමර වීරසිංහ

TITLE

චාමර වීරසිංහ ශ්‍රී ලාංකේය ගීත කළාවේ වෙනස්ම සළකුණක් සටහන් කළ දක්ෂ කළාකරුවෙක්. රැල්ලට හසු නොවී සියල්ලන් කරන නිර්මාණයන්ට තරමක් වෙනස් නිර්මාණ බිහිකිරීමට උත්සාහ ගන්නා චාමර තරමක් නිහඬ චරිතයක්.

පසුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් චාමර වීරසිංහ පිළිබඳ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇති වුණා.

ඒ ඔහු විසින් ගාගයනා කරන ලද "දිලිසෙන්නට පට සිවුරක්" නැමැති ගීතය වත්මන් දේශපාලන වතාවරණයට ඇඳා වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.


"දිලිසෙන්නට පට සිවුරක් ගමන් වලට නිළ රථයක්" – සිල් රෙදි නඩුව ගැන චාමර ගැයූ ගීතය?


කෙසේ වෙතත් මෙම ගීතය චාමර විසින් ගායනා කර ඇත්තේ මීට වසර 15කට පෙර බවයි පසුව අනාවරණය වූයේ.

මේ පිළිබඳ නොදත් ඇතැම් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ චාමර වීරසිංහට චෝදනා කර තිබුණා.

මේ සියළු සිදුවීම් හේතුවෙන් යම් කළකිරීමකට පත් චාමර වීරසිංහ සිය ෆේස්බුකි පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණා.



දේශපාලන බල කඳුවුරු වලට ගැති වූ අප රටේ අමනෝඥ ඇතැම් මිනිසුන් හේතුවෙන් අප නොසිත ව්‍යසනයක් රටට සිදුවිය හැකියි. කළාකරුවකුගේ හිත යනු නිර්මාණයන් උදෙසා ගොඩනැගෙන මූල බීජය වන අතර එය පොඩිපට්ටම් කිරීමෙන් සිදුවන්නේ අනාගතයේ බිහිවීමට නියමිත උසස් නිර්මාණයන් තිඹිරිගෙහිම මරා දැමීමක් වැනිය.

සිද්ධියට තුඩු දුන් අදාළ ගීතය පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කලකිරීමක් දුකක් පමනයි ලැබුනේ - ඔබ කොපමන මා රිදේව්වත් ඔබ වෙනුවෙන් හැමදා ගීත ගයන මම චාමර වීරසිංහ"

    Post a Comment