18 September, 2017

"දිලිසෙන්නට පට සිවුරක් ගමන් වලට නිළ රථයක්" – සිල් රෙදි නඩුව ගැන චාමර ගැයූ ගීතය?

dilisennata-pata-siwurak-chamara

දිලිසෙන්නට පට සිවුරක් ගමන් වලට නිළ රථයක්
ලේ තැවරුණු මැතිඳු අතේ ධවර පිරිත් නූලක් මං හනික බදිඥං
කියන කරන හැමදේට එහෙයි කියඥං....

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන් කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් දෙදෙනාට අධිකරණයෙන් සිරදඬවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

ඒ පසුගිය රජය සමයේ ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් අවභාවිතා කිරීමට විරුද්ධව පැවති ආන්දෝළණාත්මක සිල් රෙදි නඩු තීන්දුවට අනුවයි.

එහිදී ඔවුන් වෙනුවෙන් නියම වූ දඩ මුදල් ගෙවීමට මහා සංඝ රත්නය පසුගිය දිනක පිඩුසිගා වැඩියා.

දඬුවම් නියම වූ හිටපු රාජ්‍ය සේවකයන් දෙදෙනා සිර ගත වූයේ බෞද්ධ උපාසක මාතාවන්ට සිල් රෙදි බෙදා දීම හේතුකොටගෙන බැවින්, අදාළ දඩ මුදල් ගෙවීම බෞද්ධ ප්‍රජාවේ වගකීමක් බවයි එය සංවිධානය කරමින් භික්ෂූන් වහන්සේලා පැවසුවේ.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අතැමෙක් ප්‍රසාධය පළ කලද තවත් පිරිසක් සිය අප්‍රසාධය ප්‍රකාශකළා.

මෙවන් පසුබික් යටතේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ගායනා කළ ගීතයකට එක් කළ නව රූප රචනාවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබක් ආරම්භවී තබෙනවා.

මේ සම්බන්ධයෙන් චාමර වීරසිංහ සිය අදහස් මෙසේ පවසා තිබෙනවා,

"මෙම ගීතය වසර පහලොවක් පැරණී ගීතයක්. වර්තමානයේ සිදුවන කිසිදු සිදුවීමක් ඉලක්ක කර ගෙන නොවෙයි නිර්මාණය කළේ. ගීතයට අදාළ රූප රචනාව සෑදු පුද්ගලයන් ගීතයේ පද රචකයා හෝ මා දැනුවත් කළේ නැහැ. එම රූප රචනාව සම්පූර්ණයෙන්ම නිතී විරෝධි කටයුත්තක් බැවින් එයට මුල්වූ පුද්ගලයන් සොයමින් පවතිනවා. ඔවුන් සොයා ගත් වහාම ගීතය දේශපාලනික කටයුතු වෙනුවෙන් අවභාවිතයට එරෙහිව නිතීමය ක්‍රීයාමාර්ග ගන්නවා."

අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""දිලිසෙන්නට පට සිවුරක් ගමන් වලට නිළ රථයක්" – සිල් රෙදි නඩුව ගැන චාමර ගැයූ ගීතය?"

    Post a Comment