23 September, 2017

"ලංකාවේ ළමා මෙහෙකාර සේවය හෙළා දකිනවා" - ගිනස් වාර්තා උමතුවෙන් දරුවන් ගිනි අව්වේ තැබූ යුවළට වැඩ වරදියි

sri-lanka-probes-longest-saree

මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනමාලියගේ සාරී පොට එසවීම සදහා නිල ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. මෙම විවාහය සදහා මෙලෙස පාසල් දරුවන් ගෙන්වා ගෙන තිබෙන්නේ අලවතුගොඩ සරත් ඒකනායක විදුහලෙනි. මේ සදහා පාසල් දරුවන් 250ක් පමණ , පාසලේ සිට මහ පාරට රැගෙන ඇවිත් තිබූ අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක්‌ මත පරීක්‍ෂණ ආරම්භ කළ බව ළමාරක්‍ෂක අධිකාරිය පවසනවා.

ලොව දිගම සාරී පොට ලෙස ගිනස්‌ වාර්තාවක්‌ තැබීම සඳහා මනාලියකගේ සාරී පොට කිලෝමීටර් තුනක් සහ තවත් මීටර් දෙසීයක්‌ දුරට පාසල් දරුවන් යොදා අල්ලා ගැනීමට සලස්‌වා තිබූ අතර දරුවන් මේ සඳහා යොදාගෙන තිබුණේ දැඩි අව් රශ්මියක්‌ සහිත දහවල් කාලයේය. මේ සදහා තමා නමින් නම් කර තිබූ පාසලෙන් දරුවන් ලබා දුන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායකද උත්සවයට සහභාගි වී සිටියේය.

කෙසේ වෙතත් සිදුවීමට අදාළ ඡායාරූප සමාජජාලා වල පළ වීමත් සමග එයට එල්ලව තිබුනේ දැඩි ප්‍රතිරෝධයකි. මනමාලියකගේ සාරී පොට එසවීමට අහිංසක දරුවන් අව්වේ දුක් විදීම ළමා අයිතිවාසිකම් මෙන්ම මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙසද ෆේස්බුක් සමාජජාලා ක්‍රීයාකාරීන් විසින් විවේචන එල්ල කර තිබුනි. මෙම සිදුවීමට නිසි පියවර ලබා නොගතහොත් මින් පසුව තමන්ගේ නිවෙස් වල වැඩ කරවා ගැනීමට පවා ඇතැම් පිරිස් පාසල් දරුවන් යොදා ගැනීමට ඉඩ තිබෙනා බවත් , සිදුවීම පිළිබදව ස්වාධීන පරීක්ෂනයක් අවශ්‍ය වන්නේ එම හේතුව නිසා බවත් ලෙසද සමාජජාලා ක්‍රියාකාරීන් වැඩි දුරටත් අදහස් දක්වා තිබුනා.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දැක්වූ ළමාරක්ෂක අධිකාරීයේ සභාපතිනිය පවසන්නේ විදුහල්පතිවරුන්ට අවශ්‍ය ලෙස අනවශ්‍ය කටයුතු සඳහා දරුවන් යොදා ගැනීමට ඉඩදිය නොහැකි බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මහ ඇමතිවරයා කිසිවක් මාධ්‍යයට ප්‍රකාශ නොකරන අතර පාසලේ විදුහල්පතිවරයා මින් පෙර මාධ්‍යයට කියා සිටියේ එම ගිනස් වාර්තාවට සිය පාසලේ දරුවන් ලබා දීම ආඩම්බරයට කරුණක් බවයි

සිදුවීමේ විශේෂ අවස්තා.

sri-lanka-probes-longest-saree

කෙසේ වෙතත් ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණ ඇතිව සිදු කළ මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවට ගෞරවයක් ලැබීම කෙසේ වෙතත් සිදුවීම වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍යයයෙන් ශ්‍රි ලංකාවට එල්ල වී ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

ටෙලිග්‍රාෆ් වැනි පිළිගත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වෙබ් අඩවි සිදුවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ ළමා මෙහෙකාර සේවයක් ලෙසය. මීට අමතරව ගාඩියන් , ප්‍රංශ පුවත් සේවය ඇතුලු ජාත්‍යන්තර මාධ්‍යයද සිදුවීම එලෙසම වාර්තා කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ ළමයින් පිළිබද ප්‍රාඥාප්තියට අනුව ළමා මෙහෙකාර සේවය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත්තේ වසර ගණනකට පෙරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හා ළමා අයිතිවාසිකම් ප්‍රාඥාප්ති නොසලකා ශ්‍රී ලංකාවේ තවමත් ළමා මෙහෙකාර සේවය සිදුවන බවට ඉගි රැසක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනු දැක ගත හැකි වූ අතර සිදුවීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ විශාල අපකීර්තීයකට ලක්වූ බව මානව හිමිකම් විශාරදයන් පවසයි.

ජාත්‍යන්තර මාධ්‍යය දිගම සාරීයේ සිදුවීම වාර්තා කර තිබූ අන්දම.

sri-lanka-probes-longest-saree

(neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""ලංකාවේ ළමා මෙහෙකාර සේවය හෙළා දකිනවා" - ගිනස් වාර්තා උමතුවෙන් දරුවන් ගිනි අව්වේ තැබූ යුවළට වැඩ වරදියි"

    Post a Comment