27 September, 2017

"කෑගහන එකෙක් හරි හිටියානම් ඔයා තාමත් ජීවත් වෙනවා" - ශලනි මුනිවත බිඳ දසුන් වෙනුවෙන් තැබූ සටහන

shalini-tharaka-fb-status

ගෙල වැලලාගෙන සියිදිවි නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණ පරීක්ෂණයේදී, ඔහුගේ මව විසින් තම පුත්‍රයා සහ ශලනි තාරකා අතර ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට ඊයේ (26) සාක්ෂි දෙමින් පවසා තිබුණා.

ඒ හේතුවෙන් දසුන් පසුගිය කාලය පුරාම ශලනි සමගින් විවාහ වීමට අවශ්‍ය යැයි පවසමින් තමාට කරදර කළ බවත් එම සම්බන්ධයට තමාගේ කැමැත්ත හිමි නොවුණ බවත් ඇය සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

වසර ගනනාවක ප්‍රේමයකින් පසු දසුන් විවාහවී ඇති අතර, ශලනි සමග ඇති සම්බන්ධය පිළිබඳ පවසමින් ඔහු තමාටද කරදර කළ බව බිරිඳ ද සාක්ෂි දෙමින් පවසා තිබුණා.

මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු අතර, පසුව ශලිනි දසුන් සමගින් තිබූ ප්‍රේම සම්බන්ධය නතර කර ඇති බවටත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සියළු සිද්ධීන්ට පසුව දසුන්ගේ මරණය සම්බන්ධයෙන් රංගන ශිල්පිණි ශලනි තාරකා ඇගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එහි සඳන් වන්නේ,

‘‘ඔයා වෙනුවෙන් ගිරිය කඩන් කෑගහන එකෙක් හරි ඔයාගේ දුක අහන්න එදා හිටියානම් අද ඔයා තාමත් ජීවත් වෙනවා දසුන්‘‘ යනුවෙනුයි.

ශලනි තැබූ ෆේස්බුක් සටහන පහතින්.

TITLE


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""කෑගහන එකෙක් හරි හිටියානම් ඔයා තාමත් ජීවත් වෙනවා" - ශලනි මුනිවත බිඳ දසුන් වෙනුවෙන් තැබූ සටහන"

    Post a Comment