27 September, 2017

ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු මැරීන් බළකායට කාන්තාවක්

woman-for-the-us-marine-corps

ඉතිහාසයේ පළමුවරට අමෙරිකා හමුදාවේ මැරීන් බළකායේ පරීක්ෂණවලින් සමත් වීමට කාන්තාවකට හැකිවී තිබෙනවා.

සාර්ථකව පුහුණුව අවසන් කළ ඇය ඊයේ විසිර ගියා. සති 13ක ඉතා අසීරු පුහුණුවකින් පසු ඇය මෙසේ සුදුසුකම් ලැබුවා. ඇය සමග මැරීන් සෙබළුන් 131 දෙනෙකු පුහුණුව ආරම්භ කළත් ඉන් සාර්ථකව පුහුණුව අවසන් කරනු ලැබුවේ 88 දෙනෙකු පමණයි.

අමෙරිකානු හමුදාවේ ලක්ෂ 14ක් පමණ සෙබලුන් සිටින අතර ඉන් 15%ක් පමණ කාන්තාවන්. නිලයෙන් ලුතිතන්වරියක් වන ඇයගේ නම හෙළිකර නැහැ.

ඇය නුදුරේ දී 40 දෙනෙකුගෙන් යුත් හමුද කාණ්ඩයක නායිකාවක් ලෙස පත්කරනු ඇති. ඇය පළමු රාජකාරිය සදහා කැලිෆෝර්නියාවේ පිහිටි පළමු වැනි මැරීන් ඒකකයට අනුයුක්ත කෙරෙනු ඇති.

ඇයගේ සමත්වීමත් සමග අමෙරිකානු මැරීන් බලකා අණදෙන නිලධාරී ජෙනරාල් රොබට් නෙලර් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය නිලයට සහ අනෙකුත් නායකයින්ට අභිමානයක් බවයි.

අමෙරිකානු හමුදාවේ මැරීන් භටයෙකු ඉතා අපහසු පුහුණුවීම් රැසක් පසු කළ යුතු අතර, ඔවුන් පුහුණු කිරීමට එරට රජය අති විශාල මුහුදලක් වැය කරනවා. (රූපවාහිනි)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු මැරීන් බළකායට කාන්තාවක්"

    Post a Comment