27 July, 2017

ගම්පොළින් අරුම පුදුම අපූරු රෝස මලක්

Gampola strange ross

වසර දහස් ගණනක් පුරා පැවැත එන රෝස මල සියලු ලෝක සත්ත්වයන්ටම සුන්දර සංකේතයකි. එක නටුවේ පිපී ඇති රෝස මලේ අග රේණු වෙනුවට ඒ රේණු අතරින් නැවත ආ නටුවකින් තවත් රෝස මලක් පිපී තිබීම දකින අය පුදුමයට පත් කරවන්නක් වී ඇත.

මේ රෝස මල දකින අයට මතකයට නැඟෙන්නේ අන්නාසි ගෙඩියයි. ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් වගේ මෙය රෝස මලක් උඩ රෝස මලක්ය.

මේ අපූරු රෝස මල ඇත්තේ ගම්පොළ අටබාගේ ඉහළගම සාලිය බණ්ඩාර කරුණාසිංහ මහතාගේ නිවෙසේ ගෙවත්තේය.

රෝස පඳුරේ පිපී ඇති මේ අපූරු මල දැක ගැනීමට ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණෙන බවද සාලිය බණ්ඩාර මහතා සඳහන් කරන්නේය.

ගම්වාසීන්ගේ අදහස වන්නේද මේ ආකාරයට පිපී ඇති රෝස මලක් මුල්වරට දැකගත් බවය. (ගම්පොළ - මාධව බණ්ඩාර - මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගම්පොළින් අරුම පුදුම අපූරු රෝස මලක්"

    Post a Comment