18 July, 2017

බර්මියුඩා ත‍්‍රිකෝණයේ අබිරහස විසඳෙයි

Bermuda Triangle mystery

පෘථිවිය යනු පුදුමාකාර සංසිද්ධීන්වලින් ගහන වූ අපූර්ව ස්ථානයකි. පෘථිවිය අපූර්ව ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි වාසය කරන ජීවීන් නිසා පමණක්ම නොව ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඇති විවිධ ස්ථාන නිසා ද පෘථිවිය පුදුමාකාර ස්ථානයක් බවට පත් වී තිබේ.

එවන් එක් ස්ථානයකි බර්මියුඩා ත‍්‍රිකෝණය. අප‍්‍රිකානුවන් මෙම ස්ථානය හඳුන්වන්නේ යක්ෂයාගේ ත‍්‍රිකෝණය නමිනි. එයට හේතුව මෙම ස්ථානයෙන් ගමන් කරන නැව්, ගුවන් යානා ආදිය සුන්බුන් පවා සොයාගත නොහැකි වන ආකාරයට අතුරුදන් වීමයි. 

අත්ලාන්තික් සාගරයේ ෆ්ලොරිඩාව, බර්මියුඩාව සහ පුවටෝ රිකෝ දූපත් අතර ත‍්‍රිකෝණයක් සලකුණු කළහොත් එම ත‍්‍රිකෝණයට මැදිවන ප‍්‍රදේශය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස හඳුන්වා තිබේ.

එය මුහුදු සැතපුම් 440000 පමණ වන ප‍්‍රදේශයකි. නිවැරදිවම හඳුන්වා දෙන්නේ නම් ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප‍්‍රදේශ සහ මහාරාෂ්ඨ යන ප‍්‍රාන්ත තුන එකට එක් වූ විට එය බර්මියුඩා ත‍්‍රිකෝණයේ ප‍්‍රමාණයට සමාන බව පැවැසේ.

මෙම ප‍්‍රදේශය හරහා ගමන් ගන්නා නැව්, අහස් යානා ආදිය එක්වරම අභිරහස් ආකාරයෙන් අතුරුදන් වන බව දැන ගන්නට ලැබී මේ වනවිට අවස 100 ඉක්මවයි. එමෙන්ම මාලිමා යන්ත‍්‍ර පවා මෙම ස්ථානය අවට දී නිසි ලෙස ක‍්‍රියා කරන්නේ නැත. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස අතුරුදන්වන නැව්වල හෝ අහස් යානාවල සුන්බුන් පවා කිසිදා සොයා ගන්නට නොහැකි වීමයි.

ඒවා මුහුදු පත්ලේ ගොඩ ගැසී ඇති බවක් නවීන තාක්ෂණයට පවා සොයා ගත හැකිව නැත. මෙසේ අතුරුදන්වන නැව් සහ ගුවන් යානා ප‍්‍රමාණය ගණනය කළ විට පසුගිය වසර 100 තුළ එක් දිනකට ගුවන් යානා 4ක් සහ නැව් හෝ බෝට්ටු 20 බැගින් මෙම ස්ථානයේ දී අතුරුදන්ව ඇති බව මේ පිළිබඳව පර්යේෂණය කරන පර්යේෂකයන්ගේ අදහසයි. එමෙන්ම ගතවූ අවුරුදු 100 තුළ මෙම ස්ථානයේ දී අතුරුදන් වූ යානාවල සිටි නියමුවන් සහ නාවිකයන් ගණන දහස ඉක්මවයි.

සමහර ගුවන් යානාවල සහ නැව්වල ගමන් කළ නියමුවන් සහ කපිතාන්වරු බර්මියුඩා ති‍්‍රකෝණය හරහා ගමන් කිරීමේ දී දක්නට ලැබුණු පුදුමාකාර සිදුවීම් ගැන ප‍්‍රධාන පාලක මැදිරියට රේඩියෝ පණිවුඩ මගින් දැනුම් දුන් ආකාරයන් පිළිබඳව ද වාර්තා තිබේ. නමුත් ඒ සමගම පාලක මැදිරි සමග තිබූ සබඳතා බිඳ වැටීම නිසාත් ඉන් පසු කිසිදා ඒ අයව සම්බන්ධ කරගත නොහැකි වූ නිසාත් සත්‍ය ලෙසම එහි සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකු නොදනිති. 

බර්මියුඩා ති‍්‍රකෝණයේ දී අතුරුදන් වූ බොහොමයක් නැව්වල සිටි නාවිකයන් සහ ගුවන් යානාවල සිටි නියමුවන් අතුරුදන් වීමට මොහොතකට පෙර ප‍්‍රධාන පාලක මැදිරි සමග හුවමාරු කරගත් පණිවිඩ බොහෝ දුරට එක සමාන විණි.

‘‘මා ඉදිරියෙන් මහා දැවැන්ත කළුපාට වළාකුලක් පෙනෙනවා. ඒකෙන් මුළු අහසම වැහිලා ගිහින් තියෙන්නෙ. හිතා ගන්නවත් බෑ ඒක මොකක්ද කියලා. දැන් ඒක ටික ටික අපි ඉන්න පැත්තට ළං වෙනවා’’ යනුවෙන් සමහරු පවසා තිබිණි. තවත් අය ‘‘මගේ ඉදිරි මාර්ගය අවහිරයි. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. ලොකු කළු පාට යමක් අපි දෙසට එනවා. වළාකුලක් වගේ හැඩයක් තියෙනවා. ඒත් ඒක වළාකුලක් නෙවෙයි’’ මෙලෙස පැවසූ වහාම එම නැව් සහ ගුවන් යානා සමග තිබූ පණිවිඩ හුවමාරුව නතර වී තිබිණි. එමෙන්ම රේඩාර් පථයෙන් පවා ඒවා අතුරුදන් වී තිබිණි.

විද්‍යාඥයන් බර්මියුඩා ත‍්‍රිකෝණයේ අභිරහස පිළිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබේ. බර්මියුඩා ත‍්‍රිකෝණයට අයත් ප‍්‍රදේශයේ මුහුද යට මහා දැවැන්ත කාන්දම් බලයක් ඇති බවත් ඒ කාන්දම් බලයට මහා විශාල නැව් සහ ගුවන් යානා ඇදී යන බවත් සමහරු පවසති. නමුත් මෙය ඔප්පු කර ගන්නට මේ දක්වා හැකි වී නැත.

බර්මියුඩා ත‍්‍රිකෝණය ප‍්‍රදේශයේ මුහුද යට මීතේන් වායු නිධියක් පවතින බවත් මීතේන් වායුවේ බලපෑම නිසා නැව් සහ ගුවන් යානා ගිල්වා දමන බවටත් තවත් මතයක් තිබේ. නමුත් එසේ ගිල්වා දමා ඇති ගුවන් යානාවල හෝ නැව්වල සුන්බුන් බර්මියුඩා ති‍්‍රකෝණයේ කොහේ හෝ ස්ථානයක ඇති බව මෙතෙක් සොයා ගෙන නැත.

මෙම ප‍්‍රදේශයේ එක්වරම ඇතිවන මහා විශාල දියවැල් නිසා නැව් සහ ගුවන් යානා මුහුද තුළට ඇද ගන්නේ යැයි විඥයන් පවසති. නමුත් මේ හරහා ගමන් ගෙන අතුරුදන් වූ කිසිදු නැවක හෝ ගුවන් යානයක සිටි කිසිම නාවිකයෙකු හෝ ගුවන් නියමුවෙකු දියවැල් පිළිබඳව සඳහන් කර නොතිබීම පුදුමයට කරුණකි. 

ඔවුන්ගෙන් වැඩි පිරිසක් පවසා තිබුණේ කළු පැහැ දැවැන්ත වළාකුලක් වැනි දෙයක් ගැන පමණි. අනිත් කාරණය නම් දියවැල් නිසා මුහුද යටට යන නැව් හෝ ගුවන් යානා එක පාරටම රේඩාර් පථයෙන් ඉවත් වන්නේ නැත. ඒ නිසා මෙම මතයත් මේ දක්වා ඔප්පු වී නැත.

කෙසේ වුවද සත්‍ය ලෙසම බර්මියුඩා ත‍්‍රිකෝණයේ දී සිදුවන විපර්යාසය පිළිබඳව ඔප්පු කර ගත හැකි සාක්ෂි පසුගිය මාස කිහිපය තුළ විද්‍යාඥයන්ට හමු විය. ඒ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට අහසේ තිබෙන හෙක්සෝජන් නම් වූ වළාකුළු වර්ගය යි.

ඒවා පැයට කිලෝ මීටර් 170ක පමණ වේගයෙන් සුළං නිර්මාණය කරන්නට සමත් ය. මේවා වායු බෝම්බ ලෙස ද හඳුන්වනු ලබයි. මෙවැනි වළාකුලකින් නිර්මාණය වුණු සුළඟකට හසු වුවහොත් කොපමණ බරින් වැඩි දෙයක් වුව ද එක සැණින් සුණුවිසුණු වී යන බව සොයාගෙන තිබේ. 

මේ නිසා විඥයන් පවසන්නේ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට ප‍්‍රදේශයේ පවතින හෙක්සෝජන් වළාකුළු දැවැන්ත නැව් සහ ගුවන් යානා ක්ෂණිකව ඇද ගන්නා අතර ඒවා පැයට කිලෝමීටර් ලක්ෂ ගණනට වේගයෙන් කරකවා මුහුදු පත්ල වෙත ඇද ගෙන ඇති බවත් සමහර විට එම වේගයට ඔරෝත්තු දිය නොහැකි මෙම යානා සුණුවිසුණු වී යන්නට ඇති බවත්ය.

දුලාංජලී මුතුවාඩිය (සමුදුර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බර්මියුඩා ත‍්‍රිකෝණයේ අබිරහස විසඳෙයි"

    Post a Comment