21 July, 2017

ශනුද්‍රිගෙන් අලුත්ම ගීතයක්

Shanudri Priyasad - 02

මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේ ‘සමල්කා' ලෙස රංගනයේ යෙදෙමින් රසික ආදරය දිනා සිටින ශනුද්‍රි රංගන ශිල්පිනියකට අමතරව ගායිකාවක් ලෙසද කටයුතු කරන්නීය. 

ප්‍රියසාද් පවුලේ බාල දියණිය වන ඇය මේ වනවිට නිළියක් ලෙස චිත්‍රපට හා ටෙලි නිර්මාණ රැසකටම දායකව සිටින අතර, ගායිකාවක් ලෙස ගීත කිහිපයක්ද එළිදක්වා තිබේ.

“කාලයකට පස්සේ මේ දිනවල අලුත් ගීතයක් එළිදක්වන්න මම සැලසුම් කරගෙන යනවා . මේ ගීතයක් දැනට පටිගත කරලා තියෙන්නේ. මනුරංග අයියා තමයි ලිව්වේ. දිනේෂ් කියලා අයියා කෙනෙක් තමයි සංගීතවත් කළේ. මේ ගීතය ආදර ගීතයක්. ගීත රූප රචනාවකුත් එක්ක එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ දවස්වල රූප රචනාවේ වැඩ කරගෙන යනවා. ඉතා ඉක්මනින් මගේ අලුත්ම ගීතය අහන්නත්, දකින්නත් ලැබෙයි. අන්තිමට මම ගීතයක් කර එළිදැක්වූයේ 2015 අවුරුද්දේ ‘ඔබේ ආදරේ' කියලා. අධ්‍යාපන කටයුතු නිසාවෙන් පසුගිය වසර කිහිපයකම කැපකළ නිසා අලුත් ගීතයක් කරන්න ලැබුණේ නැහැ." (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශනුද්‍රිගෙන් අලුත්ම ගීතයක්"

    Post a Comment