29 September, 2017

රට ලූනුවලට බදු ගැසීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැහුවා වගේ වැඩක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

TITLE

ආනයනික ලොකු ලූනු බද්ද වැඩි කිරීම කළද මෙරට ලූනුවල මිල වැඩිවීම නැවැත්වීමට කිසිසේත්ම රජයට නොහැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ පැවැසුවේ ලොකු ලූනු වගා කළ ගොවියන් අසරණ කරමින් අතරමැදියන් විසින් එම ලූනු මිලදී ගෙන අලෙවි කිරීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා ගසා කෑමක් බවයි.

ආනයනික ලොකු ලූනු සඳහා වන බද්ද 100%කින් වැඩිකිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් බවත් රජය පාරිභෝගිකයා සූරාකමින් රජයට හිතවත් ව්‍යාපාරිකයන් පෝෂණය කරන බවත් පැවැසීය. (අනුරාධා හේරත් - මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රට ලූනුවලට බදු ගැසීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැහුවා වගේ වැඩක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය"

    Post a Comment