30 September, 2017

පොල් මිල ඉහළ යෑමත් සමඟ බාල පොල්තෙල් වෙළෙඳපොළේ

cooking-oil

පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළේ බාල පොල්තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික අධිකාරියේ විධිවිධාන අංක 62 (අංක 1987/50 දරන ගැසට් පත්‍රය) වහාම ක්‍රියාවට නංවන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

පොල් මිල සීග්‍රයෙන් ඉහළයෑම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ ෆාම් ඔයිල් කලවම් කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බව දැනුම් දෙමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ සෞඛ්‍යට අහිතකර මෙන්ම පාරිභෝගිකයා රවටන මෙවැනි ක්‍රියාවලට එරෙහිව පාරිභෝගික අධිකාරි පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ 2016/10/1 සකසන ලද 1987/50 දරන තවමත් ක්‍රියාත්මක නොකරන එකී ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක කළ යුතු බවය. (අනුරාධා හේරත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොල් මිල ඉහළ යෑමත් සමඟ බාල පොල්තෙල් වෙළෙඳපොළේ "

    Post a Comment