30 September, 2017

ටෙලි කලාවට ප්‍රමිතියක් දෙමු

TITLE

වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව ජනතාවගේ ප්‍රධානම රස වින්දන මාධ්‍යක් බවට පත් වී තිබේ. විවිධ නාළිකාවල දිනකට අති විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක් විකාශය වන අතර නැරඹිය යුත්තේ කුමන නාට්‍යද යන්න කියා සිතා ගැනීමට නොහැකි තරමට රැල්ලක් බිහි වී ඇත.

මීට දශක කීපයකට පෙර මේ තත්ත්වය එසේ නොවේ. එකල ටෙලි නාට්‍යක් යනු ජනතාව අතිශයින්ම හද බැඳගත් නිර්මාණශීලී කටයුත්තක් විය. එවකට නිෂ්පාදනය වූ ටෙලි නාට්‍ය ප්‍රමාණයද අතිශය සීමා සහිත වූ අතර බිහිවූ ටෙලි නාට්‍යයද ගුණාත්මකභාවයෙන් ඉහළ අගයක් ගත් හ. එසේම එවකට මෙම ටෙලි නාට්‍ය සඳහා දායක වූ කලාකරුවන් ස්වකීය නිර්මාණය සඳහා මහා කැපවීමක් දැක් වූ අතර එම කලා ශිල්පීන්ගේ වාසනාවට දෝ මන්ද නිර්මාණශීලී අධ්‍යක්ෂවරුද ඔවුනට මුණගැහුණහ.

වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව පිරිහීගෙන යන කලාවක් බවට පත් වූ අතර එය වේගවත් කිරීම සඳහා හතු පිපෙන්නා සේ මෙගා නාට්‍ය රැල්ලක් බිහි වී ඇත. අද කලාකරුවන්ද යාන්ත්‍රික වී ඇති අතර ඔවුනට ගුණාත්මක හෝ ප්‍රමාණාත්මකව නිර්මාණ තේරීමට වඩා කලාව ජීවත්වීම සඳහාම පමණක් වන දෙයක් බවට පත් වී ඇත.

සිනමාවද අද ගොඩනැඟීමට නොහැකි තත්ත්වයකට ලක් වී ඇති අතර ටෙලි නාට්‍ය කලාවටද එම ඉරණම අත්වන ලකුණු පහළ වී තිබේ. අප සුවහසක් ජනතාව විදියට ඉල්ලා සිටිනුයේ කලාව යනු දෙවියන්ගෙන් ලද සුවිශේෂී වරප්‍රසාදයක් බැවින් එය විනාශ කිරීමේ පාපකර්මයට කලාකරුවන් වශයෙන් ඔබගේ දායකත්වය කර නොගන්න ලෙසය.

ඩබ්ලිව් කේ‍.මොහාන් - මහවැලි සී කලාපය (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටෙලි කලාවට ප්‍රමිතියක් දෙමු"

    Post a Comment