02 September, 2017

සම්බා හා නාඩු ඉහළට

rice-traders

සහල් පාලන මිල මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ මාෆියාවට නතු වීමෙන් සම්බා සහල් කිලෝව රුපියල් අනූහතක් (රු. 97) හා නාඩු කිලෝව රුපියල් අනූ දෙක (රු. 92) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (31දා) පැවැසීය.

දඹුල්ල සියපත හෝටලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බැව් පැවැසූ කරුණාරත්න මහතා ගම්මානයක සිල්ලර කඩයක සම්බා සහල් කිලෝ එකක් රුපියල් එකසිය පහකට (රු. 105) හා නාඩු සහල් රුපියල් සීයය (රු. 100) දක්වා වැඩි වී ඇතැයි පැවැසීය.

වෙළෙඳපොළේ සහල් පාලන මිල පවතින සමයේ සම්බා හාල් රුපියල් අසූවක (රු. 80) මිලකට හා නාඩු සහල් රුපියල් හැත්තෑ දෙකක (රු. 72) මිලකට පැවැති බවත් පාලන මිල ඉවත් කළද ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි සහල් මිල අඩු වී නොමැති බැව් ඒ මහතා පැවැසීය. (ඉනාමළුව - තිලක විජයසූරිය-මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සම්බා හා නාඩු ඉහළට"

    Post a Comment