25 August, 2017

ග්‍රීසියේ ආයෝජනය වැරැද්දක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක් – හිටපු මහ බැංකු අධිපති කියයි

ajith-nivard-cabraal
ග්‍රීක බැඳුම්කර ආයේජන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (24) දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත පැමිණියේය. මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

“ග්‍රීසියේ මහ බැංකුව ආයෝජනය කළ අවස්ථාවේ දී, ග්‍රීසියේ තිබිච්ච ශ්‍රේණිය අද ලංකාවේ තිබෙන ශ්‍රේණියටත් වඩා ඉහළ ශ්‍රේණියක්. ග්‍රීසියේ ආයෝජනය වැරදි ආයෝජනයක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක්.“

මෙම සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.


(දෙරණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ග්‍රීසියේ ආයෝජනය වැරැද්දක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක් – හිටපු මහ බැංකු අධිපති කියයි"

    Post a Comment