06 August, 2017

බීමතින් දිය ඇල්ලකට බැසීමට උත්සහ කළ දෙදෙනෙකු ප්‍රපාතයකට ඇද වැටී මරු දකී (Video)

drunker falling to waterfall

ඉන්දියාවේ අම්බෝලි දියඇල්ල නැරඹීමට ගිය සංචාරකයන්ගෙන් දෙදෙනෙකු ඔවුන් විසින් සිදුකළ අනුවන ක්‍රියාවක් හේතුවෙන් ජිවිතයෙන් සමුගත් ආකාරයයි මේ.

අම්බෝලි දිය ඇල්ල සමීපයේ ඇති වේදිකාවේ සිට දිය අල්ල නරඹමින් සිටි ඔවුන් දෙදෙනා අධික ලෙස මත්පැන් පානය කර සිටියා.

එමෙන්ම මේ වේදිකාව මත සිටත් ඔවුන් දිගින් දිගටම මත්පැන් පානය කළා.

අධික බීමතින් සිටි ඔවුන් ඉන් පසුව මේ දිය ඇල්ල ආසන්නයේ වූ නැරඹුම් වේදිකාවේ ආරක්ෂක වැට මතට නැඟුණේ අවට සිටි අයගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ.

ඔවුන් මේ වේදිකාවේ ආරක්ෂක වැටෙන් එපිටටත් පැමිණෙනවා.

කිසිවෙකුත් නොසිතු මොහොතක ඔවුන් මේ වේදිකාවේ ආරක්ෂක වැට අල්ලා සිටි ග්‍රහණය ගිලිහි ගොස් ඔවුන් අඩි සියයක් පමණ පහළ ප්‍රපාතයකටත්,එහි වූ ජලාශයටත් ඇද වැටෙන්නේ ක්ෂණික මරණයක් හිමිකර දෙමින්.

මේ දෙදෙනා වයස අවුරුදු 21 සහ 25 වයස්වල පසුවූ අයයි.



(ජනයුගය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බීමතින් දිය ඇල්ලකට බැසීමට උත්සහ කළ දෙදෙනෙකු ප්‍රපාතයකට ඇද වැටී මරු දකී (Video)"

    Post a Comment