
ජමෙයිකානු කඟවේනා යන නාමයෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් හඳුන්වන උසේන් බෝල්ට් මළල ක්‍රීඩාවෙන් සමු ගත්තා.
ලොව එදාමෙදා තුර බිහිවූ වේගවත්ම මිනිසා මෙන්ම ලොව ශ්‍රේෂ්ඨතම ධාවකයා ලෙසයි උසේන් බෝල්ට් සැලකෙන්නේ.
මේ වන විට වයස අවුරුදු 38ක් වන උසේන් බෝල්ට් සිය අවසන් තරගය ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 තරගයට සහභාගී වුනා.
කෙසේ නමුත් ලොව වටා සිටි ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් දෑස් දල්වා බලා සිටියදී කිසිවෙකු නොසිතූ ලෙස උසේන් බෝල්ට් හට හිමි වුනේ තෙවන ස්ථානයයි.
මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ, ඔලිම්පික් තරගාවලිය ඇතුලු තරගාවලි වලදි මෙතෙක් උසේන් බෝල්ට් ට පමනක් දෙවෙනි වූ ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් විසිනුයි.
තරගය ජය ගත් ජස්ටින් ගැට්ලින් ලොව එදා මෙදාතුර බිහිවූ සුපිරිතම ධාවකයාට දණ නමා
සිය අචාරය පල කිරීම ලොවෙහිම අවදානය දිනා ගත්තා.
ලොව වේගවත්ම මිනිසා සිය අධිවේගී ගමනේ අවසානය සනිටුහන් කලේ සිය අභිමානවත් සථානය තවත් කළු කඟවේනෙකුට හිමිකර දෙමින් වීම දෛවෝපගත සිද්ධියකි.
අදාළ අවස්තාවේ විඩීයෝව පහතින්.



(නෙත්ගොසිප්)
ලොව වේගවත්ම මිනිසා සිය අධිවේගී ගමනේ අවසානය සනිටුහන් කලේ සිය අභිමානවත් සථානය තවත් කළු කඟවේනෙකුට හිමිකර දෙමින් වීම දෛවෝපගත සිද්ධියකි.
අදාළ අවස්තාවේ විඩීයෝව පහතින්.



(නෙත්ගොසිප්)
Share this
|
|
0 Comment to "ජයග්‍රාහකයා තෙවැනියාට දණ නමයි - තවත් කළු කඟවේනෙකුට තැන දෙමින් බෝල්ට් සමුගනියි (Photo/Video)"
Post a Comment