29 July, 2016

ආදායම තාත්තගේ වඩු කර්මාන්තය - යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්

- පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන සිහිනය තිබුණා..

- අපේ පවුලේ ප්‍රධාන ආදායම වුණේ තාත්තගේ වඩු කර්මාන්තය...

සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය පල්ලේකැලේදී පැවැත්වෙනවා.

මේ තරගාවලියේදී කාගේත් අවධානයට ලක්වුණු කෙනෙක් තමයි යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්.

ඒ සංචාරක ඔසටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අඩුම වයසකදී ලබාගත් සුපිරි ශතකයත් සමගයි.

ඒ විදිහට දස්කම් දක්වපු කුසල් කියු සටහනක් ගැනයි මේ.

එහි දක්වා තිබුණේ මෙන්න මේ වගේ අතීත කතාවක්.

'වයස 21දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමණීමට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා.

මා හැදී වැඩුනේ ක්‍රිකට් ක්‍රීඩාවට, බයිලා සංගීතයට මෙන්ම දැව භාන්ඩ වලට ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේයි.

කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය මට තිබුණා. ඒ වෙනුවෙන් කැපවුණා.

මා අඩු ආදායම් ලාභි පවුලක සාමාජිකයෙක්. අපේ පවුලේ ප්‍රධාන ආදායම වුනේ තාත්තාගේ වඩු කර්මාන්තයයි.

ඒ වගේම ඔහු නිවසේ අවශ්‍යතා සැපයීමට මෙන්ම මා හට අවශ්‍ය ක්‍රිකට් උපකරණ මිලදී ගන්න පෙදරේරුවෙක් ලෙසද වැඩ කළා.

තාත්තා මට අරන් දුන්න බැට් එක මට තාම මතකයි. එය පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ බැට් එකක්.

ඒ මොහොතේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනය පසු පස මම ආවා.

එංගලන්තයේදී අර්ධ ශතක කිහිපයක් ලබාගැනීමට හැකිවිම මා හට ධෛර්යයක් ගෙන දුන්නා'.





Meet Kusal Mendis

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදායම තාත්තගේ වඩු කර්මාන්තය - යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස්"

    Post a Comment