31 July, 2016

ලොව කැළඹවමින් නාසා රැකගත් ආම්ස්ට්‍රොන්ගේ රහස හෙළි වෙයි

මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1969 ජූලි මස 21 වනදා මිනිසා සඳ මත පා තැබුවා.

නීල් ආම්ස්ට්‍රොන් ඇතුලු පිරිස සඳ මත පා තබා දැනට වසර 47 ගතවෙලා.

කෙසේ වෙතත් අදටත් සඳ තරණය ගැන විවිධාකාර පුවත් ලෝ පුරා කතා බහ වෙනවා.

රුසියානු තාරකා විද්‍යාඥයෙක් මෑතකදි කළ ප්‍රකාශයක් නිසා නැවතත් මෙය කරළියට පැමිණ තිඛෙනවා.

ඒ 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමග ජීවීන් කිහිපදෙනකු දැක ඇති බවටත් එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත් බවටත් රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් පැවැසීමත් සමගයි.

'නාසා පාලක මැදිරියත් ඇපොලෝ අජටාකාශගාමීනුත් නිරතුරුවම පණිවිඩ හුවමාරු කරගත්තා.

ඇපොලෝ යානය සඳ මත පතිත කරවන අවස්ථාවේ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පියාඹන පීරිසි දෙකක් දැක තිඛෙනවා.

ආම්ස්ට්‍රොන් කළ මෙම ප්‍රකාශය නාසා ආයතනය බාහිර ලෝකයට නොදන්වා වාරණය කර තිඛෙනවා.

පිටසක්වළ ජීවීන් සඳ මත සිටින නිසා සඳේ මිනිස් කඳවුරක් ඉදි කිරීමේ යෝජනාත් ඒ සමගම නවත්වා දැමූ බව නීල් ආම්ස්ට්‍රොන් පසුව පවසා තිඛෙනවා' යැයි මහාචාර්ය ව්ලැඩ්මිර් පවසයි.

මෙහි සත්‍ය අසත්‍යභාවය තවමත් නාසා ආයතනය අනාවරණය කර නැත.

කෙසේ වෙතත් 1979 දී නාසා ආයතනයේ සේවය කළ පණිවිඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස් චැටර්ලේන් පවසා ඇත්තේ ඇපොලෝ යානාව හා නාසා පාලක මැදිරිය අතර සංවාදවලට කිහිප වරක්ම බාධා එල්ල වූ බවයි.


NASA saved Armstrong 'Secret' Revealed!

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොව කැළඹවමින් නාසා රැකගත් ආම්ස්ට්‍රොන්ගේ රහස හෙළි වෙයි"

    Post a Comment