31 July, 2016

zජනප්‍රිය නිළියගේ හිස මතට' පෙම්වතා මත්පැන් වත් කරලා

ජනප්‍රිය නිළි ලින්ඩ්සේ ලෝහන්ගේ පෙම්වතා ඉගෝර් තරබසොව් රුසියානු ජාතික තරුණයකු වන අතර ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක් ලෙස සැලකෙනවා.

පසුගිය සතියේ ඇතිවූ සිදුවීමකින් පසුව මේ දෙදෙනාගේ පෙම් ලොව බිඳ වැටේදැයි බොහෝ දෙනකු සැක පහළ කරනවා.

මේ සිද්ධියට මුල් වුණේ ඉගෝර්ගේ ජංගම දුරකථනය තුළ තිබූ එක්තරා පණිවිඩයක් ලින්ඩ්සේගේ නෙත්වලට හසුවීමෙන්. එය වෙනත් තරුණියක විසින් ඉගෝර්ට එවන ලද පණිවිඩයක් ලෙසයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ දෙදෙනා මුහුදු වෙරළ අසළ අවන්හලක තිබූ සාදයකට සහභාගි වී සිටිද්දීයි හදිසියේම මේ පෙම් පණිවිඩය ලින්ඩ්සේ දුටුවේ.

එය දුටු අවස්ථාවේම කෝපාවිෂ්ට වූ ලින්ඩ්සේ, පෙම්වතාගේ ජංගම දුරකථනය මුහුදට විසි කර තිඛෙනවා.

මේ අතරේම ඉගෝර් තමන් අත රැඳි මත්පැන් වීදුරුව ලින්ඩ්සේගේ හිස මතට වත් කර ඇත්තේ අවට පිරිස බලා සිටිද්දීයි.

මෙයින් ලැජ්ජාවට පත් ලින්ඩ්සේ වහාම එතැනින් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



Lindsay Lohan's boyfriend pour alcohol on her head

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "zජනප්‍රිය නිළියගේ හිස මතට' පෙම්වතා මත්පැන් වත් කරලා"

    Post a Comment