25 August, 2017

“දිනන විදිය කියන්න.”අවසානයේ පොතාස් කෝලිගෙන් උදව් ඉල්ලයි

TITLE
කලබල වී ඇති අයුරක් පෙන්වන අතර ,තේරීම් කමිටුව තරඟ පරදින විට කරන්නේ සෑම තරඟයටම ක්‍රීඩකයන් අලුතෙන් ඇතුළු කරමින් අත්හදා බැලීම් කිරීමයි.තණතිලි සකසන්නන් එක තරඟයකට දඟ පන්දු යවන්නන්ගේ තනතිල්ලක් ලබාදී එහි ප්‍රතිවාදී දඟ පන්දු යවන්නන් අපට වඩා දක්ෂතා දක්වන විට ඊළඟ තරඟයේ තණතිල්ල වෙනස් කර අලුත් පන්නයේ තනතිල්ලක් ලබාදෙයි.

මේ ආකාරයට නිරන්තරයෙන් කරන අත්හදා බැලීම් දැන් වසර දෙකක් පමණ පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අවිනිශ්චිත තාවයකට පත් කර ඇත.වසර ගණනක සිට සංක්‍රාන්ති සමයේ සිටිනවා කියන ක්‍රිකට් ක්‍රීඩාව සංක්‍රාන්තිය නිමා ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ කණ්ඩායම මෙන්ම ක්‍රිකට් බලධාරීන්ද දැඩි ලෙස කරන්නේ කවදාද යන්න පිළිබඳව කිසිවකුට සැලසුමක් නැත.එය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් බලධාරීනටද නැත.

මේ අතර අපුරු පුවතක් ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.ඒ දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉන්දියා තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාගෙන් ශ්‍රී ලංකා පුහුණු කරු උදව් ඉල්ලා ඇති බවට වන පුවතයි.

ඉන්දීය කණ්ඩායමේ නම් දැරූ ක්‍රීඩකයන් ඉවත්වූ පසු එළඹුන අභියෝගයට ඉන්දියාව කෙසේ මුහුණ දුන්නාද යන්න පිළිබඳව කොලිගෙන් ගුරු හරුකම් ලබාගැනීමට පොතාස් අපේක්ෂා කර ඇත.

මෙම ඉල්ලීම සම්බන්දයෙන් කෝලි දක්වා ඇති ප්‍රතිචාරය වනුයේ තරඟකාරී සමයක සිටින අවස්තාවක එවැනි සාකච්චාවකට මෙය සුදුසු අවසතාව නොවන නිසා තරඟාවලිය අවසානයේ ඉන්දීය ක්‍රිකට් කළමනාකාරිත්වය සමඟද මේ තත්වය සාකච්චා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට උදව් වීමට සුදානම් බවයි.

කෝලි කියන දේ කලාම සියල්ල නිවැරදි වේවිද,පළමුව කල යුත්තේ පොතස් වැනි කොන්ද පණනැති මඟ පෙන්වන්නෙකු සමඟ මෙම ගමන යාමට නොහැකි බව වටහා ගෙන ඔහු වෙනුවට පැහැදිලි දැක්මක් ඇති පුහුණු කරුවෙකු සොයා ගැනීමය.මන්ද පුහුණු කරු යනු කණ්ඩායමේ ප්‍රධානම මඟ පෙන්වන්නා වන නිසාය.

පළමු එක්දින තරඟය පරාජය වුන විට මාද්‍ය හමුවේ සිංහ නාද කල පොතාස් කියා සිටියේ,ලංකාවේ ක්‍රිකට් වලට කෝකියන් වැඩිවී ඇති නිසා ,තමන්ට ස්වාදීනව වැඩ කරගෙන යා නොහැකි නිසා මේ පරාජයන් සිදුවුණ බවකි.නමුත් ඊට දින දෙකකට පසුව මාද්‍ය ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් තටු කැපු පොතාස් කියා තිබුනේ,තමන්ට සමඟ වැඩ කරන පිරිස හරිම සුහදශීලී බවත්,තමා වැඩ කරන්නේ මහත් උනන්දුවෙන් සහ සතුටකින් බවත්ය.

තමන්ගේ තනතුර උදෙසා තම මතය වෙනස් කරන පොතාස්ට මෙලෙස දවස් දෙකක් ඇතුලත තමාගේ ප්‍රකාශය වෙනස් කිරීමට නම් දිව දෙකක් තිබිය යුතුය ,නැත්නම් දෙවන දවසේ මාද්‍ය හමුවට පැමිණීමට පෙර පොතාස්ගේ දිව වෙනුවට ක්‍රිකට් බලධාරියෙකුගේ දිවක් බද්ද කරන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්නට ක්‍රීඩකයන්ට ගල් ගසා වැඩක් නැත.ක්‍රිකට් අනාගතය විනාශ කරන මෙවැනි පුද්ගලයන් ඉවත් කිරීම අනිවාර්ය කරුණකි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“දිනන විදිය කියන්න.”අවසානයේ පොතාස් කෝලිගෙන් උදව් ඉල්ලයි"

    Post a Comment