14 October, 2017

සහල් මෙට්‍රික් ටොන් 500,000ක් ආනයනය කිරීමට රජය සැරසේ

rice-traders

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වෙළඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීමට සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මඟින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, 2017 වර්ෂයේ යල කන්නයේ අපේක්ෂිත සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

මෙයින් මෙට්‍රික් ටොන් 100,000ක් දැනටමත් ඉන්දියාවෙන් ඇණවුම් කරනු ලැබ ඇති අතර, ඉතිරි අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 400,000ක සහල් ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ.

මේවෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිවී තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සහල් මෙට්‍රික් ටොන් 500,000ක් ආනයනය කිරීමට රජය සැරසේ"

    Post a Comment