10 July, 2017

මන්ත්‍රීන් බාගන්න පක්ෂ තුනකින් රහස් ගේම්

Secret operations

ඉදිරියේ සිදුවෙතැයි කියන දේශපාලන පෙරැළියක් ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ 3ක් විසින් රහසිගත දේශපාලන මෙහෙයුම් දියත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම මෙහෙයුම් තුනම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන පක්ෂවල සිටින කලකිරීමට පත්ව ඇති මන්ත්‍රීන් සෙසු පක්ෂවලට දිනාගැනීමේ අරමුණිනි. ශ්‍රී.ල.නි.පය එ.ජා.පය සහ ඒකාබද්ධ විපක්ෂය මෙකී මෙහෙයුම්වල යෙදී සිටිති.

පසුගියදා රජයේ නිල තනතුරු දරණ ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 18 දෙනකු තමන් තනතුරු අතහැර ස්වාධීන වන බව ප්‍රකාශ කළේ මෙකී මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස බව දැනගන්නට ඇත. මුලින් එම කණ්ඩායමේ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සිටියත් දැන් එම සංඛ්‍යාව 22ක් බවට පත්ව ඇතැයි එම කණ්ඩායමේ සාමාජිකයෙක් දේශයට පැවසීය. මේ අයගෙන පිරිසක් පසුගිය සිකුරාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී ඇත.

ඒ අතර මෙම ඇමැති පිරිස ශ්‍රී.ල.නි.පය තුළ රඳවාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද අදාළ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් 6 දෙනකු සමඟ පසුගියදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒකාබද්ධ විපක්ෂයද මෙම තනතුරු අත්හරින්නන් දිනාගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇත. ඊට අමතරව රජයේ සිටින සුළු පක්ෂ දෙකක නායකයන් සමඟද ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි කියැවේ.

ශ්‍රී.ල.නි.පයේ කලකිරී සිටින පිරිස් එ.ජා.පයට සම්බන්ධ කරගැනීම සඳහා ද ඉහළ මට්ටමේ කතාබහක් සිදුවෙමින් පවතී. රජයේ අමාත්‍ය පදවි දරණ ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් දෙදෙනකුද මෙම සාකච්ඡාවලදී එ.ජා.පයට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි සඳහන්ය.

මේ අතර ජනාධිපතිවරයා මුණගැසුණු එ.ජා.පයේ හා ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ සාමාජිකයන් ගණනාවක් තමන්ගේ දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීමත් සමඟ ඔවුන් හා තිරය පිටුපස පුළුල් රහසිගත සාකච්ඡාවක් පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි. දකුණ වයඹ හා රජරට ප්‍රදේශවල ශ්‍රී.ල.නි.පය සමඟ නැති මන්ත්‍රීන් පිරිසක් සමඟ මෙම අදහස් හුවමාරුව සිදුකරන බව වැඩිදුරටත් කියැවේ.

(දේශපාලන වාර්තාකරු - deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මන්ත්‍රීන් බාගන්න පක්ෂ තුනකින් රහස් ගේම්"

    Post a Comment