11 July, 2017

‘Disce AUT Discede’ දයාසිරි ඇමතිතුමාට වචන වැරදුණු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Dayasiri jayasekara - 13

සමාජජාල මාධ්‍යයන්වල පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වූ කෙනෙක් තමයි දයාසිරි ජයසේකර ඇමතිවරයා කියන්නේ.

මුලින්ම ඔහු ගැන කතාබහට ලක්වුනේ ශූරයන්ගේ තරගාවලියේ පරාජයෙන් පසු ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙරූ අදහස් හේතුවෙන්.

එනම් ක්‍රීඩකයන්ගේ බඩ වැඩි නිසා මැච් පරදින බවට කරන ලද ප්‍රකාශය ෆේස්බුක් හරහා දැඩි කතාබහක් නිර්මාණය වුණා.

ඉන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා ගැන නැවතත් කතාබහට ලක්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය වැරදි ලෙස උච්ඡාරණය කිරීමත් සමගයි.

ඉතින් මේ පිළිබඳ විවිධ අය විවිධාකාර දේවල් පවසන නිසා අපි හිතුවා මෙහි සැබෑ අර්ථය සහ මෙහි ඉතිහාසය කුමක්ද යන්න ඔබට කියන්න.

‘Disce AUT Discede’කියන්නේ ලතින් භාෂාවේ වචනයක්. එය උච්ඡාරණය වන්නේ “ඩිස්කේ අවුට් ඩිස්කෙඩේ” යනුවෙන්.

අදාළ වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ ‘උගනිව් නැත්නම් පිටවෙනු’ යන්නයි.

එමෙන්ම මෙම වචනය ලොව පුරා පාසල්වල වල ආදර්ශ පාඨය ලෙසද භාවිතා කරනවා.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙම පාඨය උච්ඡාරණය කල අයුරුයි මේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘Disce AUT Discede’ දයාසිරි ඇමතිතුමාට වචන වැරදුණු කතාවේ ඇත්ත නැත්ත මෙන්න "

    Post a Comment