2017 මුල් මාස 06 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. එය 172,894 කි. මෙය 2016 වසරේ මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණී ඉන්දියානුවන් ගණන වූ 172,841 ට සමාන අගයකි.
දෙවැනියට වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ චීනයෙන් වන අතර එය 134,744 කි. 2016 ජනවාරි - ජූනි වකවානුවේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති චීන සංචාරකයින් ගණන වූ 132,842 හා සැසඳීමේ දී මෙය සියයට 1.4 ක වර්ධනයකි.
මේ අතර 2017 මෙම කාලපරිච්ඡේදය තුළ දී
මෙරටට පැමිණ යුරෝපා සංචාරකයින්ගේ වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී එක්සත් රාජධානි සංචාරකයින් ගණන 95,922 දක්වා සියයට 10.6 කින්, ජර්මනි සංචාරකයින් ගණන 67,631 දක්වා සියයට 4.7 කින් හා ප්‍රංශ සංචාරකයින් ගණන 50,961 දක්වා සියයට 1.7 කින් ඉහළ ගොස් ඇත.
එසේම මෙම කාලයේ දී පැමිණ ඇති ඕස්ට්‍රේලියානුවන් ගණන 35,094 ක් දක්වා සියයට 11.2 කින්, රුසියානුවන් 33,338 දක්වා සියයට 16.3 කින්, ඇමරිකානුවන් 28,139 ක් දක්වා සියයට 7.7 කින් සහ කැනේඩියානුවන් 22,882 ක් දක්වා සියයට 4.8 කින් ඉහළ ගොස් ඇත.

(derana)
Share this
|
|
0 Comment to "වැඩියෙන්ම ආවේ ඉන්දියාවෙන්"
Post a Comment