21 July, 2017

සුදු වෑන් සංස්කෘතිය මඩින්න ආපු 'යහපාලනයත්' සුදු වෑන් එවයි - දුමින්ද - ලාල්කාන්ත නිසා රයන් බේරුනු හැටි (Video)

ryan jayalath - arrest attempt

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ වරෙන්තු කිහිපයක් මත බව පොලිසිය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාල පරිශ්‍රය තුළදී ඊයේ (20) උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

සයිටම් විරෝධී ජනපවුර නම් සංවිධානය ඊයේ දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලය තුළදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත, පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්, එම මාධ්‍ය හමුව අවසන් වී පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එහිදී සරසවි සිසුන්, වෛද්‍යවරුන් සහ දේශපාලන නියෝජිතයින් එක්ව ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට කටයුතු කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත්, අවසානයේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


(Note - Aperata - Video - Hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුදු වෑන් සංස්කෘතිය මඩින්න ආපු 'යහපාලනයත්' සුදු වෑන් එවයි - දුමින්ද - ලාල්කාන්ත නිසා රයන් බේරුනු හැටි (Video)"

    Post a Comment