03 August, 2016

මිහිමතින් 'මැමත්' සමුගෙන ගිය හේතුව සොයා ගැනේ

වසර 5,600 ට පෙර මිහිතලය මත විසූ 'මැමත්' නම් වූ අවසන් සද්දන්ත හස්ති විශේෂය විනාශවී යාමට හේතුව සොයා ගැනීමට හැකිවූ බව උතුරු ඇමරිකාවේ විද්‍යාඥයෝ විශ්වාස කරති.

බීමට ජලය නොමැති කමින් මොවුන් වඳවී යන්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.

ඇලස්කාවේ සාන්ත පෝල් දූපතේ දී හමුවී ඇති 'මැමත් කොලනියකින්' ලබාගත් තොරතුරු අනුව විද්‍යාඥයින් මෙම නිගමනයට එළැඹ තිඛෙනවා.

අයිස් යුගය අවසානවීමත් සමග පෘථීවිය උණුසුම් වී මුහුදේ ජල මට්ටම ඉහළ ගොස් බීමට ජලය ඇති බිම් ප්‍රමාණය කුඩා වූ බවයි විශ්වාස කෙරෙන්නේ.

මිනිස් දඩයම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් ද ඔවුන්ගේ වඳවීයාමට හේතුවක් වූ බවයි විද්‍යාඥයන් පවසන්නේ.

මෙලොව විසූ ලොම් සහිත මැමත්ලාගෙන් විශාල ප්‍රමාණයක් මියගොස් තිඛෙන්නේ මින් වසර 10,500 ට පෙරයි.

එසේ වුවත් මිනිස් දඩයම් කරුවන් අතින් සහමුලින් විනාශ වී ගිය ප්‍රධාන භූමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත්වූ බවට සාධක හමුවී තිබේ.



Reason for 'Mammoth' Leaving From Earth

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිහිමතින් 'මැමත්' සමුගෙන ගිය හේතුව සොයා ගැනේ"

    Post a Comment