03 August, 2016

අනුන් වෙනුවෙන් 'අත්හරින' හදවත ලස්සන සොඳුරු ගැහැණිය

ලස්සනට ජීවත් වෙන්න, ලස්සන ඇඳුම් අඳින්න එක එක විලාසිතා කරන්න කවුරුත් කැමතියි.

ඒ ඒ විලාසිතාවලට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විශේෂයෙන්ම නළු නිළියන් හා ගායක ගායිකාවන් හිස මුඩු කරනවා කවුරුත් දැකලා ඇති.

සමහරවෙලාවට පිළිකා රෝග වැළඳුනු අයට දෙන ඛෙහෙත් නිසාත් හිසකෙස් අහිමි වෙනවා.

ඒත් මේ හේතු දෙකම නැතිව හිස මුඩු කළා කිව්වොත් කාටත් ඇතිවෙන්නේ ප්‍රශ්නයක්.

ඒ වගේ සිදුවීමක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.

එංගලන්තයේ ජීවත්වෙන යොවුන් වියේ සුරූපී ආයුර්වේද වෛද්‍යවරියක් ඒ විදිහට තමන්ගේ හිස මුඩු කරලා.

සෑම තරුණියක්ම තමන්ගේ කෙස්වලට දක්වන්නේ ලොකු ආදරයක්.

ඒත් මේ වෛද්‍යවරිය තමන්ගේ ආශාව අත්හැරලා තියෙන්නේ කරුණු දෙකක් නිසා.

ඒ තමයි පිළිකා හේතුවෙන් හිස කෙස් අහිමිවූ කුඩා දරුවන්ට බොරු කොණ්ඩා හදන්න ප්‍රදානය කරන්න.

අනෙක් කරුණ තමයි මිනිසුන්ට උදව් කරන්න අරමුදලක් පිහිටුවන්න.

නිවුන් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වුණු ඇය එංගලන්තයේ අසීමිතව ලැඛෙන සැප සම්පත්වලින් යම් ප්‍රමාණයක් ලංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් යොදවන්න තීරණය කරලා.

ඒ විදිහට තමන්ගේ දියණියන්ට වඩා මාස 6 ක් වැඩිමහලූ දරුවන් දෙදෙනෙක් සිටින පවුලකට ඇය පිහිට වෙන්න පටන් අරන්.

පළමු වසරේ ඉඳන් සියලුම මාසික වියදම් හා අනෙකුත් දේවල් දෙන්න පියවර අරගත්තු ඇය මේ දරුවන් සරසවියට ගිහින් රැකියාවක් කරන්න පටන්ගන්නකං ඒ විදිහට උදව් කරන්න සූදානම්ලූ.

පසුගිය දවසක ඇය කොණ්ඩය මුඩු කරලා එකතු කරපු පවුම් 1000 ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් පමණ දරුවන් දෙදෙනෙකුගේ ගිණුමකට බැර කරලා.

ඇගේ ආදරණීය සැමියාත් ඇයට ශක්තියක් වෙන්න, උපහාරයක් පිණිස ඔහුගේ හිසද මුඩු කරලා.

ඇය පිහිටවූ දරුවන්ගේ එදා ඡායාරූප සහ අද වනවිට ඔවුන් සිටින අයුරු දැක්වෙන ඡායාරූප පහතින්.

























උපකාර කළ නිවුන් දරුවන්.






Great Women 'Abandon' For Others

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනුන් වෙනුවෙන් 'අත්හරින' හදවත ලස්සන සොඳුරු ගැහැණිය"

    Post a Comment