අනුරාධපුර ගුවන්තොටුපොළ අසල නිවසක පදිංචි 43 හැවිරිදි කාන්තාවක ගෙන් පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලැබුණි. එම ඇමතුම දුන් කාන්තාව කියා සිටියේ හදිසියේ තම නිවසට පැමිණි නාඳුනන පුද්ගලයකු තමන් දූෂණයට ලක්කොට තමන් ගෙළ පැළඳ සිටි රුපියල් ලක්ෂයක රන්මාලය ද පැහැරගෙන පලා ගිය බවකි. මෙම ඇමතුමෙන් වහා ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලිස් නිලධාරීහු ඇගේ නිවසට පිවිසියහ. ඒ වන විට ද ඇය කිසියම් කළබලකාරී ස්වරූපයකින් පසුවනු ඔවුනට පෙනිණ.
පොලිසිය: කොහෙන්ද ඔය පුද්ගලයා ආවේ?
කාන්තාව: (කුඩා ජනේලයක් පෙන්නා) මෙන්න මේ ජනේලෙන් තමයි ඇතුළට ආවේ.
පොලිසිය: ඇවිත් මොකද කළේ?
කාන්තාව: මගේ බෙල්ලට පිහියක් තියලා මාලය කඩා ගත්තා.
පොලිසිය: එතකොට තමුන් කෑගැහුවෙ නැද්ද?
කාන්තාව: පිහිය බෙල්ලට තියපු හින්දා කෑගැහුවේ නෑ.
පොලිසිය: අපි අහන්නේ ඒ පුද්ගලයව දැක්කෙ හැටියෙම කෑ ගැහුවෙ නැද්ද කියලා.
කාන්තාව:

(නිහඬය)
ඉන්පසුව පොලිස් නිලධාරීන් ඇගේ ගෙල පෙදෙස පරීක්ෂා කළ මුත් එහි සීරීම් තුවාලයක් වත් දක්නට නොතිබිණි.
පොලිසිය: ඊට පස්සේ ඒ පුද්ගලයා මොකද කළේ?
කාන්තාව: මාව දූෂණය කළා.
පොලිසිය: කොතනදි ද?
කාන්තාව: (ඇඳක් පෙන්වා) මෙන්න මේ ඇඳේදි.
ඉන්පසු පොලිස් නිලධාරීන් ඒ යහන පරීක්ෂා කළ අතර එහි ඇතිරිලි වල කිසිදු පොඩිවීම් සළකුණක් වත් දක්නට නොතිබුණි. එමෙන්ම යහනට දමා තිබූ මදුරු දැළද එලෙසම තිබෙනු දක්නා ලදී.
පොලිසිය: එතකොට ඒ පුද්ගලයා කොහෙන්ද පැනලා ගියේ.
කාන්තාව: (ඔහු පැමිණි බව කී ජනේලය පෙන්වා) මෙන්න මෙතනින්ම තමයි පැනලා ගියේ.
එහෙත් එම ජනෙල් පඩිය මත තිබූ ඇගේ සුවඳ විලවුන් කුප්පි ආදී කිසිවකුත් අඩුම තරමින් පෙරළී තිබුණේ වත් නැත.
මෙම කාන්තාවගේ ආරක්ෂක සේවයට සම්බන්ධ සැමියා නිවසට පැමිණෙනුයේ ඉඳහිටය. ඒ අනුව ඒ මොහොතේ සිදුවූ කිසියම් රහසක් වසන් කරනු පිණිස ඇය පොලිසියට බොරු පැමිණිල්ලක් කළා විය යුතුය. එසේ නොමැති නම් ඇය “කළු කුමාර දෝෂයෙන්” පෙළෙන්නියක විය යුතුය.
නමුත් අපට ඒ බව සහතික කළ නොහැක්කේ කළු කුමාරයා කාන්තාවන්ට අතවර කරනු මිස ඔවුන්ගේ රන් මාල කඩා ගන්නා බව කිසිදු තැනෙක සඳහන්ව නොමැති බැවිනි.
-බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර - ලක්බිම

Share this
|
|
0 Comment to "“කළු කුමාරයා” ආ බවට කාන්තාවක් 119ට පැමිණිලි කරලා"
Post a Comment