නොනිදන පුරවරය ලෙස විරුදාවලි ලත් දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් නිරන්තරයෙන් විවිධ මාධ්‍යයන්හි විවිධ පුවත් මවන්නේය. වරෙක ඉඩම් ගැටලුය. වරෙක ආගමික ප්‍රශ්නය. ගොවීන්ගේ ගැටලු මුල්කරගෙන මැවෙන පුවත් ඒ අතරෙන් ප්‍රමුඛ වේ. ඉකුත් 04 වැනි දින වාර්තා වූයේ ඊට හාත්පසින්ම වෙනස්වූ පුවතකි. එම පුවතින් දඹුල්ල නගරය පමණක් නොව රටම මේ වන විට උණුසුම් කර ඇත. විවිධ ජාතිවාදී ආගම්වාදී කොටස්වලටද එය තලු මර මරා කෑ හැකි උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත් විය.
දඹුල්ල මූලික රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවුවරුන් සඳහා දැනට සති කිහිපයක සිට දරු උපතෙන් පැය 48ක් ඇතුළත පලඳවන පසු ප්‍රසව ලූපය පැලඳවීමට කටයුතු කිරීමේදී මවුවරුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවීම මෙම ආන්දෝලනයට තුඩු දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් ලබාදී ඇති උපදෙස් අනුව මෑතකදී දඹුල්ල රෝහලේ සේවයට පැමිණි ප්‍රසව හා නාරිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් විසින් මෙම පවුල් සැලසුම් ක්‍රමය මවුවරුන් සඳහා හඳුන්වා දෙන ලැබූ පසු එම උපත් පාලන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීම හේතුවෙන් මේ ප්‍රශ්නය ඇති වී තිබේ.
සති කීපයක සිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයට දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මවුවරුන් දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යෑමට පෙර ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දරු උපත් පාලනය සඳහා භාවිත කෙරෙන ලූපය නමින් හඳුන්වනු ලබන උපකරණයක් ශරීරයට සවි කිරීම සිදු කරන බවට මුලින්ම චෝදනා එල්ල විය. එම උපකරණ සවි කිරීමට අකැමැති මවුවරුන් නිවෙස්වලට යෑමට ප්‍රමාද කරමින් බලෙන් අලුත උපන් දරුවාද සමඟින් වාට්ටුවේ රඳවා ගන්නා බවට වූ චෝදනාද ඒ අතර විය. අලුත උපන් දරුවාගේ ටිකට් කපා ඇති නමුත් උපත් පාලන උපකරණය පැල¼ද වීමට අකැමැති මවුවරුන්ගේ ටිකට් කැපීම ප්‍රමාද කරමින් කටයුතු කරන බව පවසමින් ඇතැම් පියවරුන් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධීන් ද වාර්තා විය.
ඒ අතර ඇතැම් මවුවරුන් පසු ප්‍රසව ලූපය සවි කිරීමට කැමැත්ත නොදීම නිසා අලුත් උපන් දරුවාගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් වාර්තාව වාට්ටුවෙන් ලබාදීම ප්‍රමාද කරන බවට වූ චෝදනා ගොන්නක් රෝහලට එල්ලවූවා පමණක් නොව ඉකුත් 05 වැනි දින පියවරු පිරිසක් ඒ පිළිබඳව රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාටද පැමිණිලි කිරීමට කටයුතු කළහ.
මෙම චෝදනාවන්ට ලක්වන වෛද්‍යවරිය සිංහල ජාතික කාන්තාවකි. ඇය මෙම රෝහලට පැමිණීමට පෙර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කර වාර්ෂික ස්ථාන මාරුවීම ලබා පැමිණ ඇත. ඇයගේ ජාතිය සඳහන් කිරීමට සිදුවන්නේ ඇතැම් මාධ්‍ය ඇය වෙනත් ජාතියකට අයත් කාන්තාවක් බවටත් සිංහල ජාතිය වඳ කිරීමට කටයුතු කරන බවටත් පළවූ වාර්තා සත්‍යයෙන් තොර බව කීමටය.
දරුවන් අතර අවශ්‍ය පරතරය තබා ගැනීම හා අනවශ්‍ය ගැබ් ගැනීම පාලනය කර වඩාත් යහපත් පවුල් ජීවිතයක් සඳහා මවගේ ගර්භාශය තුළ ලූපයක් තැන්පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් දැනට වසර ගණනාවක සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා සිදු කෙරෙන පවුල් සැලැසුම් ක්‍රමයකි. එය බොහෝ විට දරු ප්‍රසූතියෙන් සති හයක් ඉක්මවූ පසුව කළ හැකි ක්‍රමයකි. දැනටමත් එය රට පුරා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සැලැසුම් සහගතව සිදු වන්නකි.
මෙම වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතට ගැනෙන පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් ප්‍රශස්ත නිරෝගිමත් ජීවන තත්ත්වයක් සහිත ගුණාත්මක මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් මඟින් දරුවනට හා ඔවුන්ගේ පවුල්වලට ඉහළම සෞඛ්‍ය මට්ටමක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පවුල් සෞඛ්‍ය පිළිබඳ ජාතික කමිටුව මඟින් අනුමැතිය ලද පසු ප්‍රසව ලූපය භාවිතය මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ වන විටත් ආරම්භ කර ඇත.
දැනගන්නට ලැබී ඇති පරිදි මෙරට ප්‍රධාන පෙළේ රෝහල් 20ක පමණ මෙම නියමු වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතියි.
දරුවන් අතර අවශ්‍ය පරතරය තබා ගැනීම හා අනවශ්‍ය ගැබ් ගැනීම පාලනය කර වඩාත් යහපත් පවුල් ජීවිතයක් සඳහා මවගේ ගර්භාශය තුළ දරු ප්‍රසූතියෙන් පැය 48ක් ඇතුළත ලූපයක් තැන්පත් කිරීම මේ යටතේ සිදු කෙරේ.
ලූපයක් මවගේ දරු ප්‍රසූතිය සිදුවූ වහාම හෝ සිසේරියන් සැත්කමකදී හෝ ඉතා පහසුවෙන්, වේදනාවකින් තොරව වඩාත් ආරක්ෂිතව තැන්පත්
කිරීම නිසා මෙය පසු ප්‍රසව ලූපය නමින් හඳුන්වනු ලබයි. මෙම සේවාව දරු ප්‍රසූතියෙන් පසු රෝහලේදීම පැලඳ විය හැකි නිසා මවට සති හයක් යනතුරු බලා හිඳීමට අවශ්‍ය නොවේ. දරුවාට අඛණ්ඩව මවු කිරි දීමට හැකිවීම අතුරු ආබාධ අවම වීම, ආසාදන අවම වීම, දරුවකු යළි අවශ්‍ය වූ විට එය ගලවා ඉවත් කිරීමෙන් දරු පිළිසිඳ ගැනීමක් කරගත හැකි වීම ආදිය මෙහි ඇති වාසි අතර වේ.
මෙම වැඩසටහනට අදාළව මවුවරුන් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් බෙදා හැර ඇත. එහි සඳහන්ව ඇත්තේ දරු ප්‍රසූතිය සඳහා රෝහලකට ඇතුළත් වූ විට කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගෙන් තොරතුරු විමසා පසු ප්‍රසව ලූපය භාවිත කිරීම සුදුසු ද යන්න තහවුරු කර ගැනීමය. දෙවැනුව ඒ සඳහා සුදුසු නම් මවගේ කැමැත්ත ප්‍රකාශ කර සහතික පත්‍රයක අස්සන් කළ යුතුව ඇත. වෛද්‍යවරයා විසින් දරු ප්‍රසූතියෙන් පසු මවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබ මෙම ක්‍රමය භාවිත කිරීමට සුදුසු තත්ත්වයේ මව පසුවන බවට තහවුරුවක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.

ඒ අතරම මව සිය කැමැත්ත ලබාදීමෙන් පසු යළි සිය තීරණය වෙනස් කර ගැනීමේ නිදහස ඇයට හිමිවන බවත්, එය වෛද්‍යවරයාට දැනුම් දීම පමණක් ප්‍රමාණවත් වන බවත් වෙනත් ඕනෑම පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කර ගැනීමට ඇයට නිදහස ඇති බවත් එම පත්‍රිකාවේ සඳහන් වේ. එසේම පසු ප්‍රසව ලූපය පැලඳවීමට අකැමැති මවුවරුන් යළි දැනුවත් කර එහි ඇති වාසි අවාසි පිළිබඳව යළි මවට අවබෝධ කරදිය යුතු බවත් ඊට අකැමැති මවුවරුන්ට රෝහලෙන් ලබාදෙන සේවාවන්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් එහි සඳහන් වේ.
තත්ත්වය එසේ වුවත් දඹුල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවුවරුනට මුහුණදීමට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙන්වූ වටපිටාවක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවන්නේ එම මවුවරුන් හා පියවරුන් තමන් මුහුණ දුන් කටුක අත්දැකීම රෝහල් බලධාරීන්ට පැමිණිලි කිරීමට පෙලඹීමත් සමඟය.
මවකගේ දරු උපතක් පිළිසිඳ ගත් දිනයේ සිට මවත්, පියාත් මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවිය මහත් බලාපොරොත්තු දල්වා ගෙන සිටින්නේ තම කිරි කැටියා මෙලොව දකිනතුරුය. ඔවුහු ඒ වෙනුවෙන් වෛද්‍ය සායනයන්ටද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයටද වරින්වර මුහුණ දෙති. ඇතැම්හු තව තවත් බාරහාර වෙති.
ඒ සියලු අපේක්ෂා දල්වාගෙන අෑත අතීතයේ මෙන් නොව සෑම මවක්ම පහසුකම් ඇති ප්‍රධාන රජයේ රෝහලකට යන්නේ මවටත් දරුවාටත් අතුරු ආන්තරාවක් නොවී යහපත් දරු ප්‍රසූතියකටය. එහෙත් ඇතැම් රෝහල්වල මවුවරුන්ට මුහුණ දීමට සිදුවන්නේ යහපත් නොවන තත්ත්වයකටය. ඒ සඳහා උදාහරණ ඕනෑතරම් ය. ඒ සියලු දේ විඳ දරා ගෙන දරු ප්‍රසූතියෙන් පසු ඉක්මනින් රෝහලෙන් බැහැරව යෑම සෑම මවකගේම අපේක්ෂාව බව අමුතුවෙන් කිව යුතු නොවේ.
රෝගියාගේ කැමැත්තකින් තොරව ලේ බිඳක් හෝ ලබාගැනීම සුදුසු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දඹුල්ල රෝහලේ මවුවරුන්ට කැමැත්ත ලබා ගැනීම කෙසේවෙතත් එය බලහත්කාරයෙන් කර ගන්නා ලෙස බලපෑම් කිරීම සුළු පටු කරුණක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති උපදෙස් පසෙක ලා තම අභිමතය පරිදි මවුවරුන්ට බලපෑම් කර ඇති බවට එල්ලවෙන චෝදනා අතිශයින්ම බරපතළය. ඒ පිළිබඳව කඩිනමින් සොයා බැලීම හා යළි එවැන්නක් සිදු නොවන තැනට සෞඛ්‍ය සේවාවේ නිරත වන කාර්ය මණ්ඩලයේ මනසිකත්වය සකස් කිරීම මෙන්ම මවුවරුන්ට සිදුවූ බවට වන පීඩාව සම්බන්ධයෙන්ද කටයුතු කිම වැදගත්ය.
මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ අදාළ එම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ උපදෙස් මත රෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල මහතා විසින් පියවර ගනු ලැබ ඇත. කෙසේ වෙතත් පවුල් සැලසුම් ක්‍රම අවශ්‍ය වන්නා වූ මවුවරුන්ට ඔවුන්ගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන එය වෛද්‍ය අධිකාරිවරයාගේ අනුමැතිය ලද පසු පමණක් සිදු කරන ලෙස අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව වෛද්‍ය අධිකාරිවරයා පැවැසීය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්ද මේ වනවිට මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉකුත් 07දා පැවැති මධ්‍යම පළාත් සභා සැසිවාරයේද මෙම ගැටලුව පිළිබඳව මන්ත්‍රිවරුන්ගෙන් විවිධ අදහස් පළවූ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවන් අනුව අදාළ වෛද්‍යවරිය කටයුතු කර ඇත්ද යන්න සොයා බැලිය යුතු බවය. සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇති මෙම වැඩසටහන මඟින් සොයා ගන්නා කරුණු අනුව පසු ප්‍රසව ලූපය පැලඳවීම ලංකාවේ අනෙකුත් රෝහල්වලට මෙන්ම වෙනත් රටවල කාන්තාවන්ටද හඳුන්වා දීමටද සැලැසුම් කර ඇති බවද සැලවේ.
-ධම්මික නාමල් කෝරාල_මව්බිම

Share this
|
|
0 Comment to "දඹුල්ලෙ අම්මලාට දරු සම්පත් නැති කරන්න කාටද මේ විලි රුදාව"
Post a Comment