කහවත්ත, නූරිවත්ත කියූ සැණින්ම අප මතකයට නැඟෙන්නේ කුරිරු මනුෂ්‍ය ඝාතනයන් රැසකි.
කලක් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම ඝාතන රැල්ල නිමවී වසර කිහිපයක් ගෙවෙත්ම යළි කුරිරු වූ ඝාතනයක් නූරිවත්තට යාබදව පිහිටි දැරණියගල, මාගල, ඉනේවත්ත ප්‍රදේශයේ ඉකුත් 06 වැනිදා ඇසෙන්නට ලැබිණි.
සිරිපා කදු මුදුණින් හිරු අවරට යත්ම සමන් දෙව් අඩවියම ගන අන්ධකාරයෙන් වසා ගත්තේය.
ඉනේවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක පමණ තේ වත්තක් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් තේ වත්තට යාබද නිවෙසේ ජීවත්වන ඒ. එස්. රම්‍යලතා 20 හැවිරිදි තරුණයකු සමඟ දිවා කාලයේ බහින්බස් වීමක් සිදුකර ගත්තාය.
ඩිලංග බණ්ඩාර වන එම තරුණයා තමාවයි පවුලේ උදවියයි මරනවා යැයි පැවසූ නිසා නිවෙසට පැමිණි ස්වාමියාට එම කතා පුවතද රම්‍යලතා සැකැවින් පැවසුවාය.
යාබද නිවෙසක තිබූ මළ ගෙදරකට යෑමට ඔහුට අවශ්‍යතාව තිබූ හෙයින් බිරියගේත්, දැරියගේත් ආරක්ෂාවට ඔහුගේ ඥාතියකු වූ පුංචි බණ්ඩාට නිවෙසට පැමිණෙන ලෙසට දන්වා ස්වාමියා මළ ගෙදර යෑමට පිටත් වූයේය.
එදිනම රාත්‍රියේ ඩිලංග බණ්ඩාර රම්‍යලතාගේ නිවෙසට පැමිණියේය. නිවැසියන්ගේ ආරක්ෂාවට සිටි පුංචි බණ්ඩාට ඩිලංග යෝජනාවක් ගෙන ආවේය. 'රා ටිකක් බොන්න යමුද?' යෝජනාවට කැමැති වූ පුංචි බණ්ඩාර ඩිලංග කැටුව ඩිලංග මීට මාස තුනකට පමණ ඉහතදී සිය අත්තම්මා සමඟ ජීවත් වූ තේ වත්තේ පිහිටි පාළු නිවෙසට ගියහ.
ඉඩම් ආරවුලට පැටලුණු රම්‍යලතාව එලොව යැවීමට බාධාවක් වී ඇති පුංචි බණ්ඩාව කිතුල් කපන වක් පිහියක් ඉණෙන් ඇද එලොව යැවීමට ඩිලංග ප්‍රථමව කටයුතු කළේය.
සිය දැරිය සමඟ රූපවාහිනිය නරඹමින් සිටි රම්‍යලතාට රැගෙන ආ පොල්ලෙන් වෙර දමා පහර වල් කිහිපයක් හිස ප්‍රදේශයට එල්ල කෙරුවේය.
"අම්මාට ගහන්න එපා" යැයි හඬමින් තමාගේ දෙපා බදා ගත් චාතුර්යා හිමාංජලී (7) දැරියට කිතුල් මල් පිහියෙන් වැරෙන් පහරක් එල්ල කළ ඩිලංග යළි පොල්ල රැගෙන රම්‍යලතාට පහර පිට පහර දෙන්න වූවේය.
මර ළතෝනි දී සිහිසුන්ව ඇදවැටුණු රම්‍යලතා කපා කොටා ඝාතනය කිරීමේ අරමුණ පෙරදැරිව ඇයගේ දෑත් දෙපා බැඳ නිවෙස දිගේ ඩිලංග ඇදගෙන ගියේය.
සිහි විකලයෙන්ම ඇය තම ස්වාමිපුරුෂයාගේ නම පවසනවාත් සමඟම බිය වූ ඩිලංග නිවෙස පිටුපස දොරෙන් පැන ගියේය.
නිවෙසට පිටුපස වූ දොලෙන් අත් පා සෝදා ගත් ඩිලංග සිරිපා රක්ෂිතයට සැඟවීම සඳහා පලා ගියේය.
ප්‍රදේශවාසීන් එම නිවෙසට පැමිණෙන විටත් හත් හැවිරිදි චාතුර්යා හිමාංජලී දැරිය ලේ විලක් මැද මිය ගොස් සිටියාය.
පොලු පහරින් අසාධ්‍ය තත්ත්වයේ සිටි රම්‍යලතාව ප්‍රදේශවාසීහු වහාම අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගියහ.
පාළු නිවෙස තුළ ඝාතය වූ මලන්දෙණිය
කෝරාලලාගේ බණ්ඩාර (45) හෙවත් පුංචි බණ්ඩාගේ මරණීය තුවාල 21 සහ කැපුම් තුවාල 38ක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සොයා ගැනුණි.
ඝාතනය වූ හත් හැවිරිදි දැරියගේද ශරීරයේ තිබූ මරණීය කැපුම් තුවාල තුනක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයා ගැනුණි.
තරුණ ඩිලංග බණ්ඩාර දෙවැනි වියට පා තබත්ම ඔහුගේ මව ඔහුව හැර දමා වෙනත් පුරුෂයකු සමඟ ගියාය. ඒ නුවර ප්‍රදේශයටය.
ඉන් අනතුරුව ඩිලංග සිය මවගේ අම්මා සමඟ ජීවත් වූයේය.
හදිසියේම ඩිලංගගේ අත්අම්මා ඉකුත් දෙසැම්බරයේ අසනීප වූ අතර ඔහුගේ මව පැමිණ ඇයව නුවර නිවෙසට රැගෙන ගියාය.
ඩිලංග හැදුණු වැඩුණු ඉනේවත්තේ පිහිටි අක්කර එකහමාරක තේ වත්තද ඔහුගේ අත්තම්මාගේය.
මීට දින කිහිපයකට පෙර නුවර සිට පැමිණි ඩිලංගගේ මව එම තේ වත්ත මසකට රුපියල් 5000 බැගින් වූ බද්දකට රම්‍යලතාට බදු දුන්නාය.
බද්දට ගත් තේ වත්ත හෙළි පෙහෙළි කිරීමට ඇය ඉන්පසු කටයුතු කළාය. ඩිලංගද සිය පියා සමඟ තේ වත්තේ පිහිටි අත්තම්මාගේ නිවෙස සුද්ද පවිත්‍ර කිරීමට ඉකුත් 06 වැනිදා පැමිණියේය.
ඉඩම අනවසරයෙන් සුද්ද කර තිබූ බව දුටු ඩිලංග සහ ඔහුගේ පියා රම්‍යලතා සමඟ බහින්බස් විය.
ඉඩම බද්දට ගත් බවක් නොදත් ඩිලංග රම්‍යලතා මරණ බවට
තර්ජනය කර අනතුරුව ඇයව ඝාතනය කිරීම සඳහා එදිනම රාත්‍රියේ මෙලෙස පුංචි බණ්ඩාගේ සහ හත් හැවිරිදි දැරියගේ මාරයාත් කැටුව පැමිණ තිබිණි.
අත්අම්මා සමඟ හැදුණු වැඩුණු ඩිලංග හය වසරට පමණක් මාගල කනිෂ්ඨ විද්‍යාලයට ගොස් ඇත. ඉන් අනතුරුව එරත්න විද්‍යාලයට ගිය ඩිලංග පැවිදි වීමේ අරමුණින් අනුරාධපුර, සාලියපුර ශ්‍රී සාර පිරිවෙනට ඇතුළත් වී තිබේ.
ඒ ඔහු වයස අවුරුදු 13 පමණ කාල සමයේය.
අනතුරුව ඔහු පැවිදි නොවී දැරියණියගලට පැමිණ තේ දලු කඩමින්, කරාබු නැටි කඩමින්, කිකුල් රා මදිමින් සිට ඇත.
කෙසේ වෙතත් සිතා හෝ නොසිතා මනුෂ්‍ය ඝාතනයන් දෙකක් කළ ඩිලංග සිරිපා රක්ෂිතයේ සැඟවී සිට නැවත නිවෙසට පැමිණි පසු ඉකුත් 09 වැනිදා අලුයම් කාලයේ දැරණියගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
රාත්‍රියවල් තුනක් සිරිපා රක්ෂිතයේ ගල් යට, ගස් යට වෙරළු කමින්, ගස් කොළ වර්ග කමින් සිටි ඩිලංග අවසානයේ පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූයේය.
දැරණියගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. කේ. දේවප්‍රිය මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙම විමර්ශනය සිදු කළහ.
දැරණියගල නූරිවත්ත භීතියට පත් කරමින් නූරිවත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා 2013 ජූලි 03 වැනි දින අමානුෂික ලෙස ඝාතනය විය. මෙම ඝාතනයට "අතකොටා" යන නාමයෙන් ප්‍රකට හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් චම්පික විජේසිංහ ඇතුළු 18 දෙනකුට මරණ දණ්ඩනය නියම විය.
දැරණියගලම බියට පත් කළ එම ඝාතනය නිමවී සිවු වසරක් යෑමට ප්‍රථමව තවත් බිහිසුණු ඝාතනයක් එම ප්‍රදේශයේම මෙලෙස සිදුවීම බිහිසුණුය.
චාමර අමරසූරිය
ඡායාරූප - සීතාවක අරන්දර දිසානායක, සෝමචන්ද්‍ර යකන්දාවල
_මව්බිම

Share this
|
|
0 Comment to "නූරියවත්ත ආයෙත් හැඬ වූ සැකකාර ඝාතකයා සිරිපා රක්ෂිතයේ වෙරලු කකා ඉඳලා "
Post a Comment